ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..

November 30, 2019 at 10:12 pm | lanka C news
ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..

ප්‍රජාතන්ත්‍රවාදයට, සංහිඳියාවට, ජාතික සමගියට ගරු කරනා මිනිසුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම දිනය වැඩි ඈතක නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

මීලග පාර්ලිමේන්තුවේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතට ලබාගත හැකි ආකාරයට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ඉන්පසු නව බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු කියා සිටියේ පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමිනි.

මෙම උත්සවය පැවතියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපහාර පිදීම වෙනුවෙනි.

74,917 Viewers

28 Comments to “ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..”

  1. පොඩි එකා says:

    දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියපු සිරිසේන මහත්තයට, දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කියලා ගෝඨාභය මහත්තයත් කිව්වොත් මොකද කියන්නේ…? දයාසිරිට පුළුවන්ද ඒක වැරදියි කියන්න…

  2. Wewagadara Appuhamay says:

    MS is from Pollnaruwa the man double dealer,he and his follows were vote for Sajith P…UNP ?
    Look at last that Local Council election vote base ! in 2018 Feb !
    2019 MS +SLFP voters has gone to that UNP-Sajith P….
    That is fact of history.
    MS do not try hoodwink people of Sri Lankan by your cheap politics..

  3. දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියපු සිරිසේන මහත්තයට, දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කියලා ගෝඨාභය මහත්තයත් කිව්වොත් මොකද කියන්නේ…? දයාසිරිට පුළුවන්ද ඒක වැරදියි කියන්න…

    පරිසර අධිකාරියේ වැටුප් විෂමතාව නැති කරන්න වත් හිටපු ජනාධිපතිට බැරි වුනා
    කිසි දෙයක් කරන්න බැරි(විදෙස් සංචාර හැර) වීම ගැන අපේ කණගාටුව

Main News