ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන් වෙන්න සැරසේ.. සම්මුඛ පරීක්‍ෂණ කැදවයි..

November 28, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන් වෙන්න සැරසේ.. සම්මුඛ පරීක්‍ෂණ කැදවයි..

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග කියා සිටී.

ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වුවද එහි ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වී තිබෙන දේශපාලන අර්බුද මේ වන විට ඉහළ මට්ටමට පැමිණ තිබීම මීට හේතුවයි.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් දිස්ත්‍රික් ආසන සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පක්ෂ මූලස්ථානයේදී පවත්වමින් සිටියි.

20,356 views

8 Comments to “ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන් වෙන්න සැරසේ.. සම්මුඛ පරීක්‍ෂණ කැදවයි..”

  1. Gamarala says:

    මුන්දෙගොල්ලම රයිගමයා සහ ගම්පලයා’

    රයිගමයයි ගම්පොළයයි වාගේ – එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියැවේ

    එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය.

    • dilan says:

      අම්බලමේ තුන නැති වහලෙක් ඉන්න ඇති.

    • දයා says:

      ඔය කියන්නේ යහපාලනෙට එකතු වෙච්චි කට්ටිය ගැන නේද?

  2. Gamini Senanayake says:

    ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

    ඉකුත් මහ මැතිවරණයේදී “මෛත්‍රිපාල සිරිසේනට ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා” යි තමන් කළ ප්‍රකාශයද සිහිපත් කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත්, රටේ ජාතික ආරක්ෂාවත්, විනාශ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා යැයි වැඩිදුරටත් මෙහි දී කියා සිටියේ ය.

  3. තිස්ස කක්කුස්සි ආරච්චි says:

    ලබිබ තමයි. යනවා නම් පලයව්. නිකං මිනිස්සු අන්දන්නේ නැතුව. මේක යකෝ බාල ගිරි දෝෂය වගේ. උබලා ගියොත් උන් මන්ත්‍රීල ගනියි.

  4. Silva says:

    නිදහස් පක්ෂයේ එවුන් පුරුදු වෙලා තියෙන්නේ දේශපාලනය තුලින් හම්බුකරගන්න. ගෝඨාභය එක්ක ඒ සෙල්ලම් බැහැ. ඒකයි මේ නාඩගම්

  5. Gamarala says:

    හිටන්ගේ බකිංහම් මාලිගාව දැන් කොලබලු. පුතා තවත් මාලිගාවක් හදනවලු අපේ පරයෝ මුන්ට චන්දෙ දෙනවා ලැජ්ජයි.

  6. Pronto says:

    Yawi kiyala bayai. Man wa doithuwakata wiswasakaranna nam epa!!!

Main News