ශ‍්‍රීලනිපය බකංනිලා ඉදී.. බැදුම්කර පත්තර තොග ගනන් මුද්‍රණයේ.. වීඩියෝ මෙන්න..

April 3, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය බකංනිලා ඉදී.. බැදුම්කර පත්තර තොග ගනන් මුද්‍රණයේ.. වීඩියෝ මෙන්න..

එතෙක් මෙතෙක් මෙරට සිදුවුනු මහා මුදල් මංකොල්ලය යයි චෝදනා එල්ල වන මහ බැංකුවේ බැදුම්කර මංකොල්ලය සම්බන්දයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීම් සමාගම විසින් ආරම්භ කිරීමට යන පුවත්පතේ මුල් කලාපයේ මුද්‍රණ කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබේ.

අති විශාල මුදලක් යොදවා විදේශයකින් ගෙන්වා මෙරට සවි කරන ලද නවීනතම මුද්‍රණය යන්ත‍්‍රයකින් මෙම පුවත්පත් මුද්‍රණය කෙරෙන ආකාරය සමාජ ජාලා ඔස්සේ වීඩියෝවකින් මුදා හැර ඇත.

මේ සම්බන්දයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශවය කියා සිටියේ බැදුම්කර මුදල් යොදවා කිසිදු කටයුත්තක් ආරම්බ කිරීමට නොදෙන බවකි.

මේ වන විටත් මඩකලපුවේ දැවැන්ත අරක්කු ෆැක්ටරියක්ද මෙම සමාගම විසින්ම ඉදි කරමින් සිටී.

34 views
Main News