ශ‍්‍රීලනිපය බොරුවට බයවෙලා.. සුපිරි ඇමතිලා නෑ.. ආයෝජකයන්ට පහසු කරනවා..

December 25, 2016 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය බොරුවට බයවෙලා.. සුපිරි ඇමතිලා නෑ.. ආයෝජකයන්ට පහසු කරනවා..

‘සංවර්ධන උපාය මාර්ග පනත බිල්ලෙක් නොවෙයි. එහි අරමුණ අයෝජකයින්ට ඉක්මන්, ක්‍රමවත් පහසුකම් සැපයීමයි’ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ පුංචි බොරැල්ල ප්‍රජා සංවර්ධන සහ වැඩිහිටි සුභසාධක සමිතී සදහා රුපියල් ලක්ෂ 5 ක් වටිනා භාණ්ඩ බෙදා දීමේ උත්සවයකදීය.

ශ්‍රීලනිප එකේ ඇමතිවරුත් හිතාගෙන ඉන්නවා සංවර්ධන උපාය මාර්ග පනත ගේනකොට සුපිරි ඇමති කෙනෙක් හදනවාලු. මේ පනත බිල්ලෙක් බවට පත් කරලා තියෙනවා සමාජයේත්. අපි දන්නවා මේ රට දියුණු කරන්න විදේශ අයෝජන ඕනේ. ඒ හරහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා බිහිවෙනවා. අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය වුනොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අඩුම තරමින් අපිට සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 20 ක වත් එන්න ඕනේ. මේවා ගේන්න ආයෝජකයින්ට පහසුකම් දෙන්න ඕනේ. මේ නිසා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි. අපේ රටේ ආයෝජන පටන් ගන්න සම්පූර්ණ ක්‍රමය තුළ ආයෝජන මණ්ඩලයෙන් , සංචාරක මණ්ඩලයෙන් , අමාත්‍යංශ වලින්, අදාළ නගර සභා වලින්  අවසර ගත යුතු වෙනවා. මේ නිසා අයෝජකයේ මාස 3 ක් විතර මේවාට කාලය ගත වෙනවා කියලා දැනුනාම එන්නේ නෑ ලංකාවට . සංවර්ධන උපාය මාර්ග පනතින් මේ සියළු දේවල් එක වහලක් යටින් කර ගන්න හැකියාව පවතින ආයතනයක් , වැඩපිළිවෙලක් සැකසීම සිදු කිරීම අත්‍යාවශ්‍යයයි. ඒ අර්ථයෙන් තමයි සංවර්ධන උපාය මාර්ග පනත ගෙනල්ලා තියෙන්නේ.  එහෙම කියලා බැසිල් රාජපක්ෂ වගේ සුපිරි ඇමතිවරු හදන්නේ නෑ. අපි ආවේ ඒ සිස්ටම් එකට විරුද්ධවයි. ගිය ආණ්ඩුවේදී නාමල් රාජපක්ෂටත් කැබිනට් ඇමතිවරු සර් කිව්වනේ . මේ පනත ගැන කැබිනට් මණ්ඩලය ඒ ගැන නිරීක්ෂණය කරනවා. ඒ පිළිබද සාකච්ඡා කරනවා. ඒ අනුව රට දියුණු කරන්න ඒ වගේ තීන්දු ගනීවී.

– මිනුර රෂාන්ත

0 views
Main News