ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…

April 20, 2021 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම්  නිල ලෙස කියයි…

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සෙසු පක්ෂවලටද ඊට එක් වන්නැයි ආරාධනා කිරීමට තීරණය කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ සියලු පක්ෂවලට එම මැයි රැුලිය සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවද පැවසූ ඔහු සඳහා වන ආරාධනා පත්‍ර ද යවන බව ද පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන මැයි රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්වන බවද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

14,387 views

9 Comments to “ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…”

  1. narada says:

    මෙි වසංගත මැද්දේමොන මැයි දිනද අය්සේ නිකං මිනිස්සු කුලප්පුකරන් නැතුව ගෙවල්වලට වෙලා හිටපල්ලා. ඔය බමිබු දිනේට ගිය එක මිනිහෙකුටවත් හරි ගියාද?

  2. කැසිනෝ රජා says:

    කැසිනෝ රජා වරායට..ජයවේවා.

  3. වාරයේ ගල තිබ්බා...නැහැ ගල නැහැ..නෑ නෑ ගල තියනවා. says:

    උසි උසි උසී
    තව ඇර ගනින් ..තව තව.. ඩුම් ඩිසුම්..ඩොන්..
    හොඳ වැඩේ ආත්මාර්ථකාමී බල පෙරේතයෝ. බලය වෙනුවන් පුට්ටුවට ජැක් ගහල දැන් කිච වෙලා , පිචන් වෙලා, පජාත වෙලා. ඉන්න හිටින්න තැනක් නැතිවෙලා.

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියන්ට මොන මැයි දිනද උන්ට තියෙන්නෙ රජ පවුලට කඹුරන්නයි රජ පවුලෙන් දාන පොල් ලෙල්ලකට උනත් චන්දෙ දෙන්නයි විතරයි.

    • Karunadasa says:

      ඇත්ත ද? – දැන් උඹගේ හාමිපුතලා ලිස්ටි එක බලමු
      2009- ෆොනි
      2015 – පතෝල සිරා
      2019 – සජිතුමා
      2025 – පා.ච
      මොලයක් ඇති ඔීනෙම අයකුට හොදින් වැටහෙන දෙයක් තමයි පොල් බිස්නස් කරන්නේ කවිදැයි කියාලා හාද?

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒ විතරක් නම් මදෑ, වැසිකිලියෙදි හාමු මහත්තයගෙන් පගාව අරන් කට උල් කරල පච විදින්නත් තියෙනවා.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    මුන්ගෙ එකට යන්න එපා පොහොට්ටුවෙ රැලියට විතරක් එන්න.

  6. Gonja says:

    hello jarasiri paththakata wella hitu………..
    buddimaht 69 laksaya wimal sahodarayata ekathuwenna
    jayawewa……..!

  7. පොදු ජන පෙරමුණේ ජන බලය says:

    මෙවර මැයි දිනය සැමරීමට කාටවත් අවසර නැත.

Main News