ශ‍්‍රීලනිපය සජිත් සමග එකගතාවයක.. තීරණාත්මක සාකච්චා..

July 26, 2019 at 3:22 am | lanka C news
ශ‍්‍රීලනිපය සජිත් සමග එකගතාවයක.. තීරණාත්මක සාකච්චා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජනය සජිත් ප්‍රේමදාස මහතා අතර යම් සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් කරන ප‍්‍රකාශවලින්ද මේ බව පෙනී යන්නේ යයි මන්ත‍්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන සාකච්චා සදහා එකග නමුත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඉඩනොදෙන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

21 views

5 Comments to “ශ‍්‍රීලනිපය සජිත් සමග එකගතාවයක.. තීරණාත්මක සාකච්චා..”

  1. MD says:

    Dayasirige mallen dan balalu eka eka eliyata paninawa wagei neda? Ammo bayasiri

  2. tra says:

    next precedent sasith and prim minister my3

  3. Kumari says:

    ජනවාරි 8 සිදුවූයේ විප්ලවයකි. රාජපක්ෂලා ජනයාට අල්ලස් දුන්හ. සෑම ලයිට් කනුවකම මහින්දගේ කටවුට් එකක් එල්ලූහ. නමුත් ජනයා රාජපක්ෂ පාලනය පෙරළා දැමූහ. නමුත් සිතූ දේ එලෙසින්ම නොම විය . ජාතියේ අවාසනාවට විප්ලවයේ නායකත්වයට පත්කළ ‘සිරිසේන’ ද්‍රෝහියෙකු විය. 62 දෙලක්ෂයක බලාපොරොත්තු සුනුවිසුනු කළ සිරිසේන විප්ලවය පාවා දුන්නේය. අහිමිවූ විප්ලවය ජය ගැනීමට නායකයන් මෙන්ම සාමාජිකයන් ද කළ කැප කිරීම් බොහෝය. රවි කරුණා නායක භූමිකාව ද එවැන්නකි. සිරිසේන එ.ජා.පට පහරදෙන විට උපන්දා සිට රජවීමට සූදානම් පුතු සජිත් ප්‍රේමදාස නෑසු කන්ව සිටියද රවී ක්‍රියාත්මක විය ‘‘මට දඬුවම් දෙන්න, ඉතිහාසය විසින් මා නිදොස්‌ කොට නිදහස්‌ කරනු ඇත’’ ඓතිහාසික ප්‍රකාශය අනුව ගිය ඔහු පක්ෂය ‍වෙනුවෙන් සිය බෙල්ල දුන්නේය.

    • Aurora says:

      විප්ලවයේ ප්‍රථිපල දැක්කම ලක්ෂ 62 විප්ලවවාදීන්ට හරි සනීප ඇති. එම ප්‍රථිපල අතරින් කීපයක් මතක්කරගන්න.
      විප්ලවයට පෙර USD බිලියන් 8 තිබුන USD බිලියන් 13 කිරීම.
      දකුණු ආසියාවේ වටිනාම වරාය ශ්‍රී ලාංකීය ජාතියට අහිමි කිරීම,
      රුපියල් 60 ට තිබුන හාල් කිලෝව අධිවේගයෙන් රුපියල් 100 – 120 කිරීම.
      විප්ලවයට දින 100 පිරෙන්නත් පෙර අගමැතිගේ මෙහෙයවීමෙන් මහා බැංකුව සුද්ධ කිරීම.
      අනාදිමත් කාලයක් සඳහා ඇමෙරිකාවට රට පාවාදීම.
      හිතුන හිතුනු තැන්වල බෝම්බ පුපුරවන්න වහබ් අන්තවාදීන්ට පහසුකම් සැපයීම.
      කඩාවැටෙන පාසැල් ගොඩනැගිලි නොසලකා සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම.
      රටේ ආර්ථිකය වර්ධනය වන වේගය 6% සිට 3% ට බැස්සීම.
      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුල් ජාලයක් කිරීම.
      ලක්ෂ ගානකට රැකියා නැති කිරීම.
      මුල අග නැති මධ්‍යම අදිවේගී මාර්ග කෑල්ල් ඉදිකිරීම,
      මහින්ද යුගයේ ආරම්භකර නිමකර තිබූ ඉදිකිරීම් තමුන් කළා වගේ වීවෘත කිරීම.
      මිතුරනි ලැයිස්තුව සම්පුර්ණ කරන්න.

      • Kumari says:

        Aurora ට පිළිතුරු

        USD බිලියන 8ක් බිලියන 13ක් කිරීම වරදක් වන්නේ කෙසේද?
        අනික රට නය උගුලකට හිරකොට කල්යල් බලා නැවත බලයට ඒම සඳහා ජනාධිපතිවරණයක් කැඳවා කුජිත වීම 62 ලක්ෂයකගේ වරදක් වන්නේ කෙසේද?
        දකුණු ආසියාවේ වටිනාම වරාය චීන රාජ්‍ය අයිතියෙන් මුදවා බද්දට දීමෙන් රට භයානක චීන ආක්‍රමණයෙන් මුදවා ගැනීම වරදක් වන්නේ කෙසේද?
        හාල් මිල පාලනය කරන මාෆියාව පොලොන්නරුව සහෝදරයිනට අයත් බව ඔබ නොදන්නවාට මෙරට බත් කන හැම පුරවැසියෙක්ම දන්නා කාරණයක් නොවන්නේද?
        මහබැංකුව සුද්දකලේ අගමැති නම් ඔහුගේ නම උසාවි විත්තිකරුවන්ගේ ලයිස්තුවේ නැතිවීමම පුදුමයක් නොවේද? මන්ද රටේ නායකත්වයටත් උවමනා කලේ එයම නොවේද?
        ඇමෙරිකාවට රට පාවාදුන් ගිවිසුම රාජපක්ෂ – රොබට් බ්ලේක් ගිවිසුම හරහා සිදුවූ බව ඔබ හොඳටම දන්නවා නොවේද?
        වහබ්වාදීන්ට බුද්ධි අංශ ලැයිස්තුවලින් වැටුප් ගෙවා පෝෂණය කල බව අනාවරණය වී ඇති බව ඔබත් දන්නවා නොවේද? එහි වගකීම ඔබ පවරන්නේ කාහටදැයි නොතේරේ.
        උසස් පෙළ හදාරන ඔබේ දරුවට ටැබ් පරිඝනකයක් ලබා දී නව තාක්ෂණයට දොර විවර කර දීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔබ තවමත් ගෝත්‍රිකයෙක් වුයේ කෙසේද? ඔය වහල් භාවයෙන් මිදී අලුත් ලෝකයට එක්වන්න ඔබට ආරාධනා.
        රටේ ආර්ථික වර්ධනයට හේතු රාශියක් බලපාන බව ඔබ නොදන්නේද? ඔව් එක හේතුවක් වන්නේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමයි.
        රට අවුල් කලේ ව්‍යවස්ථාවද? එසේ නැත්නම් බලලෝභී පලකයින්ද
        රැකියා අහිමිකළ පුද්ගලයින්ගේ ලැයිස්තුව දැක ගැනීමට කැමැත්තෙන් සිටිමි.
        මධ්‍යම අධිවේගී මාර්ගය නුදුරේදීම විවුර්ත වනු ඇත.
        මහින්ද යුගයේ ඉදිකිරීම් අරම්බකලේ මහජන මුදල් යොදා ගෙන මිසක් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් නොවේ. ඒවා ජනතා අයිතියට පැවරීම වරදක් වන්නේ කෙසේද?

Main News