ශ‍්‍රීලනිපය සදහටම අතහරී.. ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටුවෙන්…

February 23, 2018 at 3:30 am | lanka C news
ශ‍්‍රීලනිපය සදහටම අතහරී.. ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටුවෙන්…

මහින්ද රාජපක්‍ෂ මහතාට ශ‍්‍රීලනිප නායකත්වය ලබා දීමට කටයුතු නොකලහොත් ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදීමට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් තීරණය කර තිබේ.

මෙම තත්වය වලකාලීමට නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාට බාර දිය යුතු යයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එමෙන්ම ඉවත් කරන ලද ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරයන් හා වෙනත් තනතුරු ආපසු ලබා දී පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කලහොත් පමණන් ශ‍්‍රීලනිපයෙන් තරග වැදීමට සූදානම් බවත් එසේ නොවන්නේ නම් ස්තිර වශයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බවත් ඒ මහතා සදහන් කරයි.

46 views

19 Comments to “ශ‍්‍රීලනිපය සදහටම අතහරී.. ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටුවෙන්…”

  1. Senarath says:

    ශ‍්‍රීලනිප නායකත්වය ජනාධිපතිට ලබා දීමට නීති සම්පාදනය කලේත් ඔබතුමාම නේද ? මෙවැනි ගොන් වැරදි කොට​, ඒවා සඟවාගෙන මහජනයා රවට්ටවන්නේ නැතිව දැන්මම එල්ලා අස්වී පොහොට්ටුවෙන් නැවත රජ වෙනු මැන​. අපිව බූරුවන්සේ සලකන්න එපා මහරජතුමනි. අපි තවමත් ඔබ සමගයි.

    • ජනක says:

      මහින්ද රාජපක්ෂ මැතිතුමනි ශ්‍රීලනිප යනු යල්පැන ගිය වෙළඳ ලකුණක් ඔය පක්ෂයටන් චන්දය දුන්නේ අර පැරණි ඉතුරුවූ කැපුවත් නිල් කාරයන් හා ජොබ් කට්ටක් ගන්න දේශපාලුවන් පසුපස ගිය අය පමණයි .ශ්‍රිලංකාවේ නව පරප්‍රට ඔය පක්ෂයෙන් වැඩක් නැතිබවත් අවශ්‍ය නිවැරදි ප්‍රතිපත්ති බවත් මේ චන්දයෙන් පේන්වා දුන්නා .අර පට්ට වේ .. චන්ද්‍රිකා වැනි උන්ගෙන් ඇතිවන කරදර ,පැරණි ශ්‍රීලනිප වලවූ බැලයන්ගෙන් ඇතිවන ප්‍රශ්න ආදී කරදර නොමැතිව පොහොට්ටුවෙන් නව නායකයන් සමග දිගටම දේශපාලනයේ යෙදෙන්න .සිරිසේන කියන්නේ කිසිම කියන වචනයක් විශ්වාස කරන්න බැරි පුදුමාකාර බොරු කාරයෙක් වගේම බලය රැකගන්න ඕනෑම ලජ්ජා නැති වැඩක් කරන අනීති වැඩ කරන කෙනෙක් ඔහු යලිත් වතාවක් ඔය පක්ෂ නායකකම ඔබතුමාගෙන් බලෙන් ගන්න ඉඩතිබෙනවා .
      එනිසා පොහොට්ටුව සමග දේශපාලනයේ යෙදීම වඩාත් හොඳයි .අනෙක් කාරණය තමයි දැන් ඔය ශ්‍රීලනිප පක්ෂයට ඔබතුම ආයෙත් ගියත් සමහරවිට පොහොට්ටුවේ ඇතැම් නායකයන් දිගටම පොහොට්ටුවේ සිටීමට තීරණය කරන්න පුළුවන් සමහර චන්ද දායකයන්ද ශ්‍රීලනිපය ගැන තිබෙන අප්පිරියාව නිසා ශ්‍රීලනිපය වෙනුවට පොහොට්ටුවට චන්දය දෙන්න පුළුවන් .මම එවැන්නෙක් .ශ්‍රීලනිපයේ ඉන්න ,සුසිල් ,සරත් අමුණුගම ,මර්වින් සිල්වා ,මයිත්රිපාල සිරිසේන ,නිමල් සිරිපාල ,දයාසිරි ජයසේකර සහ තවත් බොහෝ චරිත අපිට අප්පිරියයි ඔවුන් ඉන්නා පක්ෂයට අපි කැමති නෑ.මොකද මුන් ඔක්කොම ෆෙඩරල් වාදියෝ සහ බඩගොස්ත්‍ර වාදියෝ වීම .මුන් අපිට එපා අපි පොහොට්ටුව සමග ඉමු

      • kamalasirikuruwita says:

        ජනක ඔබ හරි ය. අපිත් ඔබ සමගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මුළු රටේ තුන් වෙනි හතරවෙනි තැනට වැටිච්ච සහ ගොන් නායකයෝ විසින් වට්ටපු, නියම ශ්‍රී ලංකා කාරයින් විසින් ගණන් නොගන්න එක්ස්පයර් වෙච්ච පක්ෂ කඩමාල්ලක් විතරයි . කඩමාල්ලක ඉන්නේ මැක්කෝ , මකුණු, මැස්සෝ ,කාවෝ , වේයෝ සහ පනුවෝ විතරයි.

  2. Sirisena Yatawara says:

    SLFP under CBK and MS has shifted policies towards the Tamil Federalism of division of Island for New Tamil rough state in North—-east?
    National set of SLFP policies has surrender to Neo-Liberalism and nexus to Neo-colonilnial policies currently advocated by MS and CBK.
    Current “SLFP” leadership that totally surrender national sovereignty to Indian and USA hegemonies .
    We lost independent and Sovereignty after 2015 January 8th after Puppet od MS being to power?

  3. බන්ඩා says:

    මහින්දගෙ ක්‍රම සහ විධි සිරිසේනට වලංගු නැහැ. සිරිසේන ශ්‍රිලනිප ය ඩැහැ ගත්තෙ අාපහු දෙන්න නෙවෙය්. සිරිසේනගෙ ක්‍රමය බොරැව සහ ප්‍රෝඩාවය්. සිරිසේනගෙ තක්කඩි ක්‍රමය ජනතාව අනුමත නොකරන බව පලාත් පාලන චන්ද ප්‍රතිඵලයෙන් තහවුරැ උනා. සිරිසේන ට ඒක තේරැනේ නැද්ද? රනිල්ගේ අැමති කටු සූප්පු කොරන ශ්‍රිලනිප මංත්‍රි වරැ සිරිසේනගේ බොරැව සහ ප්‍රෝඩාව නොතේරෙන තොත්ත බබාලාද? උන් “සැපයක් යයි කකුලුව දිය කෙලියේ” යන පදය මට සිහි ගන්වය්.

    • samuvel says:

      1953 බන්ඩ හදපු ස්‍රි ල නි ප ඉතිහාසේ ප්රතම වතාවට රටින් 10% ක් පමනක් චන්ද ලබා ලැජ්ජා නැතිව එජාප පරිපාලනයේ ඇමතිකම්ද දරති. ඇම්ඩන් කතා වලට එකතු කල හැකි දිව විකාගෙන කන්න හිතෙන කතාවකි.

  4. රටවැසියා says:

    ශ්‍රීලනිප උලව්වෙන් වැඩක් නෑ දැන්. පක්ෂ මත්තේ නැහිලා ඉවරයි කියල තමයි පෙන්නුවේ මේ.
    ඉන්ටර්නෙට්, ෆේස්බූක් නිසා මිනිස්සු ඉස්සර වගේ මොට්ට නෑ මීඩියා කියන කියන ඒවා පිළිගන්න. රට කොරන්න පුළුවන් මිනිස්සු එක්ක නැගිටින්න කාලේ හරි.
    හරි දැක්මක් ඇතුව වැඩ කරමු.

  5. ඇත්ත says:

    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙනඒම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජේෂ්ඨ අතිරේඛ සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා ගොස් ඇත්තේ නීතිය නො දැනද?
    එසේනම් ඔවුන් වියදම්කර ඇති මහජන මුදල් අයකර ගැනීමට කටයුතු කරනවාද?
    මේ සිදුවීම් අනුව පැහැදිලි වන්නේ ලංකාවේ ජනතාවගේ මුදල් අවභාවිත කරමින් විදේශ සංචාරයාමට ලංකාවේ නිලධාරීන් කොතෙක් කෑදරද යන්නයි.

  6. Nimal R says:

    SLFP will die and at future elections, it be be in the 4th place below JVP.

  7. kate says:

    Very good move. It should be the thing that everybody seek.

  8. Attanagalle banda says:

    SLFP died party.

  9. President Mahinda Rajapaksha and all joint opposition members should ALWAYS contest under the Pohottuwa [SLPP] ONLY at all elections in the future……….SLFP is already dead&gone…..so NEVER join sirisena/CBK dirty eelam party again becoz the deshapremi majority janathawa will NEVER ever vote for anyone in the SLFP in future too.

  10. Nandasoma Suriyaarachchi says:

    සිරිසේන කවදාවත්ම මහින්දට කිසිම තැනක් දෙන්නෙ නැහැ…..
    ඌ හිතනව ඌ කරපු ද්‍රෝහී වැඩ වලට මහින්ද මහත්තය පලි ගනියි කියල….
    ඒ නැතත් ජනතාව ඌට කවදාවත්ම සමාවක් දෙන්නෙ නැහැ…..

    ඒ නිසා, ඔබ තුමන්ලත් පොහොට්ටුවෙන් ආවත් වැඩක් නැහැ……
    සිරිසේන රටම කන්න ඉඩ දීල බලයෙ ඉන්න සූදානම්….
    ජනතාව සිරිසේනට විතරක් නෙමෙයි, සිරිසේන පස්සෙ ගිය අනෙක් අයටත් පාඩමක් ඉගැන්නුව….

    තවත් ඒ පාරෙම යනවනම්, ඉදිරියේදි කණ පැලෙන්න ගහල එලවන කල් බලන් ඉන්නවල….

Main News