ශ‍්‍රීලනිපය සමග කිසිදු එකගතාවයක් නෑ.. නැවත රැවටෙනු බෑ.. හවුලෙ කැදවත් එපා.. – SLPP කියයි..

January 2, 2017 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිපය සමග කිසිදු එකගතාවයක් නෑ.. නැවත රැවටෙනු බෑ.. හවුලෙ කැදවත් එපා.. – SLPP කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා තම පක්‍ෂය අතර කිසිදු එකගතාවයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්‍ෂ සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අවංක චේතනාවකින් එවන් යෝජනාවක් නොකරන බවත් එය දේශපාලන උපක්‍රමයක් පමණක් බවත්ය.

රජය අදුරදර්ශී වැඩපිලිවෙලට එරෙහි සැමට තම පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන පුළුල් සන්ධානයට එක්විය හැකි යයිද පවසන හිටපු ඇමතිවරයා රෑ වටුනු වලේ දවල් වැටීමට කිසිදු සූදානමක් නැතැයිද සදහන් කලේය.

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන් මේ දිනවල ගෙනයන්නේ බොරු එජාප විරෝධී වැඩ පිළිවෙලක් පමණක් බවත් ඔහු වඩි දුරටත් සදහන් කලේය.

33 views
Main News