ශ‍්‍රීලනිපය සෝදා පාළුවට.. මහින්ද ධජය රැගෙන බැසිල් ගමෙන් ගමට…

October 26, 2016 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපය සෝදා පාළුවට.. මහින්ද ධජය රැගෙන බැසිල් ගමෙන් ගමට…

ආණ්ඩු විරෝධී ජනතා බලවේග කේන්ද්‍රකොට ගොඩනැගෙන සoවිධානය ගම් මට්ටමට ශක්තිමත් ව්‍යාපාරයක් දක්වා ගෙන යෑමේ ජාතික වැඩ පිලිවෙල මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයවීම මත ආරම්භ කොට ඇත.

දිවයිනපුරා පිහිටි ග්‍රමාසේවා වසම් 14022 උතුරු පාලාතේ සමහර ප්‍රදේශ හැරුණු කොට වසම් 12500 ආවරණය වන පරිදි සෑම ගමකටම එකක් හෝ දෙකක් ශාඛා පිහිටුවීමට ප්‍රදේශිය නායකයින් විසින් දිස්ත්‍රික් දේශපාලන නායකත්වය සමඟ කටයුතු කරනු ඇත.

මෙම බලවේගය හරහා අනාගතයේ දී පවත්වනු ලබන ඕනම මැතිවරණයකට මුහුණදීමට අවශ්‍ය පරිදි එම බලවේගයට බැඳෙන සාමාජිකයන් ශක්තිමත් කිරීම හා ඔහුන් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙළ මගින් සිදු කරනු ලබයි.

පසුගිය දින කිහිපය තුල පුත්තලම, මහනුවර, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කයන් තුල ප්‍රදේශයේ පොදු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙම නව බලවේගය ශක්තිමත් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මකවූ අතර විශේෂයෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු පාලත් පාලන ආයතනවල සභාපතිවරුන් නගරාධිපතිවරුන් නියෝජ්‍ය සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් 90% වඩා පිරිසක් මෙහි පෙරමුණ ගෙන ක්‍රියා කිරීම හා ඔහුගේ උනන්දුව සහ සහභාගිත්වය ඉතා ඉහළ මට්ටමේ තිබු බවත් , එමෙන්ම ප්‍රදේශයේ ගරුතර ස්වාමින්වහසේලා මෙන්ම විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රදේශීය නායකයින් හා උඩරට ද්‍රවිඩ ක්‍රියාකාරින් සැලකිය යුතු පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී ඇත.

0 views

14 Comments to “ශ‍්‍රීලනිපය සෝදා පාළුවට.. මහින්ද ධජය රැගෙන බැසිල් ගමෙන් ගමට…”

  1. WELL DONE….JAYA WEWA!!!!! PLEASE COME AND SAVE THE COUNTRY SOOOON WITH THE NEW PATRIOTIC PARTY!!!

  2. veeravansa says:

    kawuru kagahuwath aye mahindata be

Main News