ශ‍්‍රීලනිපය සෝදා පාළුවට.. මහින්ද ධජය රැගෙන බැසිල් ගමෙන් ගමට…

October 26, 2016 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපය සෝදා පාළුවට.. මහින්ද ධජය රැගෙන බැසිල් ගමෙන් ගමට…

ආණ්ඩු විරෝධී ජනතා බලවේග කේන්ද්‍රකොට ගොඩනැගෙන සoවිධානය ගම් මට්ටමට ශක්තිමත් ව්‍යාපාරයක් දක්වා ගෙන යෑමේ ජාතික වැඩ පිලිවෙල මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයවීම මත ආරම්භ කොට ඇත.

දිවයිනපුරා පිහිටි ග්‍රමාසේවා වසම් 14022 උතුරු පාලාතේ සමහර ප්‍රදේශ හැරුණු කොට වසම් 12500 ආවරණය වන පරිදි සෑම ගමකටම එකක් හෝ දෙකක් ශාඛා පිහිටුවීමට ප්‍රදේශිය නායකයින් විසින් දිස්ත්‍රික් දේශපාලන නායකත්වය සමඟ කටයුතු කරනු ඇත.

මෙම බලවේගය හරහා අනාගතයේ දී පවත්වනු ලබන ඕනම මැතිවරණයකට මුහුණදීමට අවශ්‍ය පරිදි එම බලවේගයට බැඳෙන සාමාජිකයන් ශක්තිමත් කිරීම හා ඔහුන් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙළ මගින් සිදු කරනු ලබයි.

පසුගිය දින කිහිපය තුල පුත්තලම, මහනුවර, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කයන් තුල ප්‍රදේශයේ පොදු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙම නව බලවේගය ශක්තිමත් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මකවූ අතර විශේෂයෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු පාලත් පාලන ආයතනවල සභාපතිවරුන් නගරාධිපතිවරුන් නියෝජ්‍ය සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් 90% වඩා පිරිසක් මෙහි පෙරමුණ ගෙන ක්‍රියා කිරීම හා ඔහුගේ උනන්දුව සහ සහභාගිත්වය ඉතා ඉහළ මට්ටමේ තිබු බවත් , එමෙන්ම ප්‍රදේශයේ ගරුතර ස්වාමින්වහසේලා මෙන්ම විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රදේශීය නායකයින් හා උඩරට ද්‍රවිඩ ක්‍රියාකාරින් සැලකිය යුතු පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී ඇත.

0 views

14 Comments to “ශ‍්‍රීලනිපය සෝදා පාළුවට.. මහින්ද ධජය රැගෙන බැසිල් ගමෙන් ගමට…”

  1. පොදු මිනිහා says:

    ඔහොම යන් හෙට අනිද්දා වෙනකොට ඊනියා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බෝඩ් ලෑල්ලටයි, නායකටයි, ලේකම්ටයි, ඊනියා සම්මුතිවාදි ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත උදවියයයි අපේ ගම්වල ඇපත් නැහ, ජයවේවා බැසිල් මැතිතුමනි.

  2. හාලිඇල රත්නායක says:

    බදුල්ල දිස්ත්‍රික් අපේ ඡන්දය අරන් ගිය හැම එකාම හොර ආණ්ඩුවේ ඇමතිකම් ගත්තත් අපි කොහොමද එකතුවෙලා තිබ්බ සමුළුව, අපි සදා මහින්ද රාජපක්ෂ සමගයි.

  3. Samitha says:

    මෛත්‍රී ලෝකේ වටේ. බැසිල් රට වටේ, අන්තිමේදී ඡන්දය කොහෙද තියෙන්නේ ජනාධිපති මෛත්‍රීට මතක් වෙයි. ඡන්දයක් තිබ්බ දවසට……………..

  4. පලාත් පාලන නියෝජිත says:

    ආර්ථික සoවර්ධන ඇමති හැටියට ඔබතුමා අපිට ගමේ ජනතාවට ලබාදුන් සoවර්ධනය නිසා පේනවා නේද කවුරුත් මොනවා කිව්වත් අපි ඔබට සලකන විදිය,

  5. සුමනා says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මතක තියාගත්තොත් හොඳයි, වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ කැමැත්ත, ඡන්දය තියෙන්නේ අපේ ගම්වල අහිංසක ප්‍රගතිශීලි ජනතාවගේ ලග බව, නැතිව පිටරට ඉන්න දෙමල ඩයස්පෝරවේ හෝ අපේ සදා විරෝධී යූ එන් පී කාරයෝ ගවා නෙවි.

  6. පක්ෂයේ ආරි says:

    1948 නිදහසෙන් පසු මේ රටේ බිහිවූ විශාලතම පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එකවර විනාශ කළ ශ්‍රීලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයට එක් වනු ඇත,
    එමෙන්ම ශ්‍රීලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් නව බලවේගයක් තුලින් නව පක්ෂයක් බිහිකොට අපේ රටේ ස්වර්ණමය යුගය උදාකල නායකයා ලෙස නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ යුගය බිහිකිරීමට අනියම් අයුරින් උදව් කල ජනාධිපති ලෙස නැවතත් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාස ගත වනු ඇත,

  7. බිබිලේ බන්ඩාර says:

    ජනතා පමාධිප්‍යය සෑම බලයකට වඩා උතුම්, ආණ්ඩුවේ ඇමතිකම් ගත් අවස්ථාවාධින්ට ලබනවර ඇපත් නැහ, උන් යූ එන් පී එකෙන්ම ඡන්දය ඉල්ලුවොත් හොඳයි. උන්ට ආයෙත් අපි රැවටෙන්නේ නැහ. කෝ අර අප්පොච්චි මලා කියපු නරුමයා, ඌට වෙල්ලස්ස ජනතාව හොඳ පාඩමක් උන්ගේ දරුවන්ටත් එක්ක උගන්වනවා. අයේත් කිසි කලක කෑ පතේ අසූචි නොකරන්න.

  8. Nandasoma says:

    1948 නිදහසෙන් පසු මේ රටේ බිහිවූ විශාලතම පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එකවර විනාශ කළ ශ්‍රීලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයට එක් වනු ඇත,
    එමෙන්ම ශ්‍රීලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් නව බලවේගයක් තුලින් නව පක්ෂයක් බිහිකොට අපේ රටේ ස්වර්ණමය යුගය උදාකල නායකයා ලෙස නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ යුගය බිහිකිරීමට අනියම් අයුරින් උදව් කල ජනාධිපති ලෙස නැවතත් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාස ගත වනු ඇත,

  9. අත්තනගල්ල චන්දරේ says:

    එදා 1977 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරාජය වූ අවස්ථාවේ යූ එන් පී එක මැතිනිය විනාශ කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දියකර අරින්න හැමදෙයක්ම කරලා බැරිම තැන එතුමියගේ ප්‍රජා අයිතිය නැතිකලා, ඒත් එතුමිය දුක් ගැහට විදිමින් අපහාස උපහාස විදිමින් පක්ෂය රැක්කා, ඒත් අද වෙනස යූ එන් පී එක ඒක කරන්නේ ඉතා සූක්ෂම විදියට අපේම කට්ටිය හරහා අපේම හිටපු ලේකම් ඒ ගොල්ලන්ගේ ඡන්දයෙන් ජනාධිපති කරගෙන කෑගන කිහිපදෙනකුට යූ එන් පී ආන්ඩුවේ ඇමතිකම් දීල,
    මහින්ද ජනාධිපතිතුමනි ඔබතුමාට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි පිහිට ලැබිලා අයෝමය ශක්තිය ලැබේවා මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් අපේ පක්ෂයත් රටත් බේරාගෙන නැවත ප්‍රගතිශීලි රජයක් බිහිකිරීමට,

  10. SS says:

    මෙම රටේ මිනිස්සු ගැන දුක හිතෙනවා .basil ගැන ඒකාබද්ධ විපක්ෂය මුලින් දරුව මතය dan ඔවුන්ට අමතක yi . Mun දෙගොල්ලටම මෙවන් රටේ හරක් සිටින තුරු බය වෙන්න දෙයක් නැහැනෙ .

    • siri says:

      77 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පැරදිලා ආසන 7 ට බැස්ස කාලේ එතුමියට කරපු අපහාස උපහාස කොතෙකුත්ද කියලා හොයල බලන්න, අන්තිමේදී බොරු චෝදනා දාලා එතුමියගේ ප්‍රජා අයිතියත් නැති කලා , හැබැයි 94 නැවත බලයට ඇවිත් මැරෙන කම්ම අගමැති වුනා. බොරුව හැමදාම රජ යන්නේ නැහ, ඒක නිසා බැසිල් රාජපක්ෂගේ කැපව්විම රට වෙනුවෙන් වැඩ කිරීම ගැන හොඳට හොයල බලලා කතා කරන්න, නිකම්ම නිකම් අමූලික බොරුවලට අහුවෙන්න එපා,

    • Jerome says:

      My Dear SS, Sometimes you may be a Buffalo, Ha haaa…………

Main News