ශ්රීලනිපය හා හවුල් කතා අවහරයි.. පොහොට්ටු අපේක්ෂකයන් කැදවයි.. නෙලූම් කාර්යාලය පිරී ඉතිරේ..
October 6, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහත පලවෙයි.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම දැන් ආරම්භ කර ඇත.
පළාත් පාලන මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කිරීම සදහා වූ දීපව්‍යාප්ත ව්‍යුහය දැනටමත් සකසා අවසන් අතර දැන් ඉතිරිව ඇත්තේ ඉහළම සුදුසුකම් සහිත අපේක්ෂක කණ්ඩායම තෝරා ගැනීම පමණි.
අපේක්ෂත්ව අයදුම්පත් කැදවීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පෙරත් අයදුම්පත් විශාල ප්‍රමාණයක් නෙලුම් මාවත පක්ෂ මූලස්ථානය වෙත ලැබී තිබීම විශේෂත්වයකි.
පසුගිය මාස තුන පුරා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සමාජයකින්වත්වය ලබාදෙමින් තරුණ සහ කාන්තා සංවිධාන ද සහිතව පක්ෂයේ ශාඛා ජාලය ස්ථාපිත කිරීම දිවයින පුර සර්ථකව සිදුකෙරිණි.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ දිවයිනේ දකුණු කෙලවරේ සිට උතුරු කෙලවර දක්වාම සිය දේශපාලන මෙහෙයුම මැනවින් ක්‍රියාත්මක කල බව බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයෙන් ද තහවුරු විය.
සංජීව එදිරිමාන්න
ප්‍රකාශක
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ
කාන්තා සංවිධාන වලට ඇති වැඩේ මේකද …?
Read the news item completely.
It is not only women organizations but all other ones including youth fronts!
ජයවේවා
මට හොඳටම විශ්වාසයි තව ටික දවසකින් අමරවීරයි, දුමින්දයිත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්ඩ පෝලිමේ
එනව.
Congratulations! Great work, JO.
Whoever did it has put in place a good organisational set up.
Looks like the SLPP was readymade
Congratulations !!!!!!!!!!!!!