ශ‍්‍රීලනිප අපි ආණ්ඩුවේ ඉන්නේ දැඩි කලකිරීමෙන්..- දයාසිරි

October 1, 2020 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප අපි ආණ්ඩුවේ ඉන්නේ දැඩි කලකිරීමෙන්..- දයාසිරි

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි කලකිරීමකින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ ංයග‍්‍රහණයන්ට දායක වූ අය ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සංවිධායකයන්ට ලැබිය යුතු ගෞරවය මෙම ආණ්ඩුව මඟින් නොලැබෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ‍රජයේ ප්‍රතිපාදන වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට ලැබිය යුතු ශක්තිය නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමන්ට විශාල කනගාටුවක් ඇති බවත් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ වරදකරු බවට පත් වෙන්නේ තමන් බවත් ඔහු එහිදී පැවසීය.

තමන්ගෙන් මෙම ප්‍රශ්න ගැන විමසද්දී දීමට උත්තර නැතිව යන බවත් පැවසූ ඔහු ඒ නිසා හැකි ඉක්මනින් මෙම ගැටලු විසඳාගත යුතු බවත් සඳහන් කළේය.

66,656 views

27 Comments to “ශ‍්‍රීලනිප අපි ආණ්ඩුවේ ඉන්නේ දැඩි කලකිරීමෙන්..- දයාසිරි”

  1. catseye says:

    ඔයාලට රුදාව තිබුනේ පොහොට්ටුවටම රිංගන්න නේ …….දැන් සැපද ………හිටපු UNP එක වනසනකල් නින්ද ගියේ නෑ නේද ……..කලකිරෙනවා නම් ගෙදර යන්නකෝ …..සිරාටත් හිරබත් කන්න වෙයි වගේ නේද ………..කළ දේ පල දේ ………..අනේ හොඳයි

  2. දුටුගැමුණු says:

    දේශපාලනයෙන් අනාථ වෙලා කර කියා ගන්න දෙයක් නැතිව අසරණ වෙලා ඉන්න වෙලාවෙ යංතං පොහොට්ටුව ට හේත්තු වෙන්න පුලුවන් වුන නිසා මංත්‍රිවරු ලෙස පාර්ලිමේන්තු එන්න ලැබුනා. නැත්නම් රනිල් ට වගේ ගෙදරට වෙලා උඩබලාගෙන ඉන්න සිද්ධ වෙන්න තිබුණේ !

  3. Demuni Uduwara says:

    Dayasiri, you should know Newton’s third law . You still have a reaction against their ill-treated action. Show it at 20A voting. Be a hero not a coward.

  4. Critic says:

    We knew that already! the JO did a big mistake by embracing double tongue Lizards from the Yamapalanaya.

  5. malraj says:

    අනේ හොඳයි maya hitan….

Main News