ශ්‍රීලනිප අමාත්‍යවරු පිරිසක් ආණ්ඩුවන් ඉවත් වෙන්න සාකච්චා..- ලක්බිම පුවත්පත කියයි..
May 14, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ලක්බිම පුවත්පත වාර්තා කරයි.
එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ දෙවසරක ගිවිසුම් කාලය සැප්තැම්බර් මාසයේ අවසන් වූ පසු එදින හෝ ඊට පෙර ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා මේ සාකච්ඡා පැවැත්වෙන බවත් ඔවුන් මේ පිළිබඳව ජනාධිපතිවරයාද මුණගැසී සාකච්ඡා කිරීමටද නියමිතව බවත් එම වාර්තාවේ දැක්වෙයි.
නමුත් තවත් ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් සැප්තැම්බර් මාසයෙන් පසුව වුවද හවුල් ආණ්ඩුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයිද ලක්බිම පුවත්පත වැඩි දුරටත් කියයි.