ශ‍්‍රීලනිප ආණ්ඩුව රකින්න දුමින්ද කොන්දේසි දමයි..

November 1, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප ආණ්ඩුව රකින්න දුමින්ද කොන්දේසි දමයි..

ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක හා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ දිනයේ විශේෂ හමුවක් සිදුව තිබේ.

එහිදී පවතින තත්වය සම්බන්දයෙන් විශේෂ අවධානය යොමුව ඇති අතර පැය 2කට ආසන්න කාලයක් දෙදෙනා අතර සාකච්චා පැවැත්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගැටළු හා ඉදිරියේදී ඒවා විසදා ගන්නා ආකාරය ගැන මෙහිදී සාකච්චා වී තිබේ.

සාකච්චාව අවසානයේ සිය ගැටළු වලට විසදුම් ලැබෙන්නේනම් ශක්තිමත් රජයක් පිහිටුවීමට සහය පල කරන බව දුමින්ද දිසානායක මහතා සදහන් කර ඇතැයි වාර්තා වෙයි.

285 views
Main News