ශ්රීලනිප ඇතුළු ඒකාබද්ද විපක්ෂ මන්ත්රීන් 51ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති..
February 7, 2017 at 3:50 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්රීලනිප මන්ත්රීවරුන් ඇතුළු මන්ත්රිවරුන් 51 දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රිවරුන් ලෙස ක්රියා කිරීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කරන බවත් එම අයිතිය නොලැබුනහොත් පාර්ලිමේන්තුවේ දැවැන්ත අරගලයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා නාවලපිටියේදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.