ශ‍්‍රීලනිප ඇමතිලා දහයක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. දේශපාලනය කණපිට හැරේ..

December 31, 2016 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිලා දහයක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. දේශපාලනය කණපිට හැරේ..

පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැමීම, ඉන්දියාව සමග එට්කා ගිවිසුම, හම්බන්තොට වරාය හා අක්කර 15000ක් චීනයට විකිණීම ඇතුළු එජාප පාලනයට විරෝධය පල කරමින් ශ‍්‍රිලනිප මැති ඇමති කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ජනවාරි 08 දායින් පසු මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි වාර්තා වන අතර මැති ඇමතිවරුන් දස දෙනකුට ආසන්න පිරිසක් ඉල්ලා අස්වීමට සැරසෙන්නේ යයිද සදහන්ය.

ගාල්ලේ දෙදෙනෙක්, ගම්පහ දෙදෙනෙක්, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, මොනරාගල, මාතලේ, බදුල්ල යන දිස්ත්‍රික්ක මෙම පිරිස් නියෝජනය කරන බවද වාර්තා වන අතර මෙම මෙහෙයුම සිදුවන්නේ ප්‍රබල ශ‍්‍රීලනිප අමාත්‍යවරුන් දෙදෙනකු විසින් බවද වාර්තා වෙයි.

27 views
Main News