ශ්‍රීලනිප ඇමතිලා දෙන්නෙක් එකම කරුණකට මාධ්‍ය හමුවක ගැටේ..
October 21, 2016 at 8:40 am | lanka C news
ඊයේ දිනයේ පැවති ශ්‍රිලනිප මාධ්‍ය හමුවට සහභාගී වූ ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා එකම කරුණක් ගැන සම්පුර්ණයෙන්ම පරස්පර අදහස් දැක්වූහ.
මිහින් එයාර් ගුවන් සමාගම රටට බරක් යයි ඇමතිවරයා කී අතර නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ මිහින් එයාර් සමගම ලාබ ලබන බවත් එය විකුණා දැමීමට තමන් දැඩි සේ විරැද්ද බවත්ය.