ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න හෝ පොහොට්ටුවට එක්වෙන්න සාකච්චා කරනවා..- දයාසිරි

February 11, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න හෝ පොහොට්ටුවට එක්වෙන්න සාකච්චා කරනවා..- දයාසිරි

ඇමති ධුරවලින් ඉල්ලා අස් වී ස්වාධීනව සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අතර මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී මේ ගැන අද දිනයේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

තව දුරටත් වෙන්ව නොසිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කල යුතු බවටද සාකච්චාවක් ඇතිව තිබෙන බවද ඔහු වැඩි දුරටත් කීය.

98 views

37 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න හෝ පොහොට්ටුවට එක්වෙන්න සාකච්චා කරනවා..- දයාසිරි”

  1. Dr Laksman says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි . අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු .

Main News