ශ‍්‍රීලනිප ඇමතිවරුන් 10ක් විශ්වාස භංගයට විරුද්ද වී අගමැතිට පක්‍ෂ වෙයි..

April 1, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් 10ක් විශ්වාස භංගයට විරුද්ද වී අගමැතිට පක්‍ෂ වෙයි..

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා 04 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් දස දෙනෙකු පමණ අගමැතිවරයාට පක්‍ෂව විශ්වාස භංගයට විරුද්දව ඡන්දය ලබා දෙනු ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

විශ්වාස භංග යෝජනාවෙන් අගමැතිවරයා ස්ථිරවම ජයගෙන ඉදිරි කාලයේදීද ආණ්ඩු බලය ගෙන යන බවද ඒ මහතා සදහන් කරයි.

විශ්වාස භංගයට පක්‍ෂ වන කිසිදු ඇමතිවරයෙකුට 04 වැනිදායින් පසු ඇමතිධුර දැරීමේ කිසිදු සදාචාරාත්සක අයිතියක් නැති බවද ඔහු කියා සිටී.

12 views

8 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් 10ක් විශ්වාස භංගයට විරුද්ද වී අගමැතිට පක්‍ෂ වෙයි..”

  1. කනිෂ්ක මහාසේන says:

    ජයවේවා ඔන්න දැන් රටේ ජනතවට බලාගන්න පුළුවන් රටට වඩා තමුන්ගේ ඇමතිකම ආරක්ෂා කරන බඩගොස්ත්‍ර වාදී ඇමතියෝ මොක්කුන්ද කියල .අර ගංජා කාරයා ,බස් කොන්දොස්ත්රයා ප්‍රමුක කල්ලිය රටේ ජනතාවට අදුනගන්න පුළුවන්

  2. Asaranaya says:

    එහෙනම් ඩිජිටල් හරිනයාද කැබිනෙට්ටුවේ අයිතිකාරයා? ඒක ලී කැබිනෙට්ටුවක් වෙන්න ඇති

  3. bend to bend says:

    මහ බැංකු හොරකම සිතට දැනෙන්නට සිතක් තිබිය යුතුය​.කය මිස සිත නැති ඩිජිටලයන් හා එක්වන උපතින්ම ස්නායු පද්ධතියේ දුර්වලතා ඇති මීමුන් ශ්‍රීලනිපයේද නැත්තා නොවේ.ඔව්හු මේ සාපරාධී ක්‍රියාව කර මව් බිම අගාදයට දැමූ මීමුන් හා නිදි වදිනු ඇත​.ජනතා පරමාධිපත්‍ය නියෝජනය නොකර පෑල දොරින් ගෙට රිංගූ උන් ජනතාවට වග කියන්නේ නැත​.දිය උතුරන තුරු හැලියේ දිය කෙලිනා කකුළුවෝ වනාහී අඩු ආයුෂ ඇත්තෝය​.

  4. chocolat_baba says:

    eyala kauda? nam nadda?

    • නිදහස් says:

      දුමින්ද දිසානායක
      මහින්ද සමරසිංහ
      විජිත්මුණි සොයිසා
      තිලංග සුමිතිපාල
      රංජිත් සියඹලාපිටිය

  5. SUNIMAL says:

    මේ 10 දෙනාම පිං ගොනා ඇමතිලා මුන්ට දැන් ගමට යන්න බැහැ

  6. DAYASIRI says:

    අර්ජුන් මහේඳ්රන් සඟවාගෙන, මහ බංකු මගඩියේ සැලසුම්කරු වන අගමැති මේ කරගෙන යන අපේ රටේ ඉතිරියත් විනාශ කිරීමේ ජාතික අපරාධයට කෝටි ගණන් අල්ලස් දී මන්ත්රී වරුන් කැමති කරවා ගැනීම කෙතරම් තුච්ඡ නින්දිත අවජාත ක්රියාවක් ද යන්න, ඔය අල්ලස් ගන්නා අය මොහොතකටවත් නොසිතන්නේද? ඒවා ඔවුන්ට පමණක් නොව ඔවුනගේ දරු පවුල් සහ මුලු හත්මුතු පරම්පරාවකටම සහගහන දුර්විපාක ගෙන දෙන මහා අපරාධයකි. ඔවුන්ට ශාපවේවා.ශාපවේවා. ශාපවෙනවා පරම සත්යයි.

  7. නිදහස් says:

    10 දෙනාගෙම දේශපාලනය ඉවරයි කියල මතක තියාගන්න.
    ඊ ලග මහ මැතිවරණයෙන් යු.එන්.පී. එකෙන් ඉල්ලුවත් මොන පක්ෂයෙන් ඉල්ලුවත් මුන් පරදිනව.

Main News