ශ‍්‍රීලනිප ඇමතිවරු මොනවා කිවුවත් 2020 වන තෙක් මේ ආණ්ඩුවමයි.. අගමැති රනිල්මයි..- ජනපති සහතික කරයි..

August 31, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරු මොනවා කිවුවත් 2020 වන තෙක් මේ ආණ්ඩුවමයි.. අගමැති රනිල්මයි..- ජනපති සහතික කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දි කැදවා තිබු එහිදි ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරමින් පැවසුවේ ශ්‍රිලනිප සභාපති ලෙස මෙම පක්ෂය ඉතා පිරිසිදු පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑම එකම බලාපොරොත්තුව බවයි.

පොරොන්දු වූ ජාතික විගනන පනත නොගෙනාවේ මන්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ජනාධිපතිවරයා සදහන් කලේ ගිය ජනාවාරියේ දි ඒ සම්බන්ධව අදාළ අංශ දැනුවත් කලත් එය මෙතෙක් සිදු නොවිම ගැන කණගාටු වන බවයි.

මෙම ආණ්ඩුව ඉතිරි වසර 3 තුලත් මේ ආකාරයෙන් යනවා දැයි මාධ්‍ය විමසූ පැනයට ජනාධිපතිරයා කියා සිටියේ අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව මේ ආකාරයෙන් ඉතිරි වසර 3ත් පවත්වාගෙන යන බවත් එසේ වෙනස් කරන්නට කිසිවෙකු සිතන්නේ නම් එය කුමන්ත්‍රණයක් බවත්ය.

මේ අතර පසුගිය සතියේ දි “මව්බිම” ඉරිදා පුවත්පත සඳහන් කර තිබුනේ පසුගිය අගෝස්තු මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම දිනන අවස්ථාවක ඊට මැදිහත් වී ශ්‍රිලනිප සභාපති ලෙස පක්ෂයේ ලේකම්වරුන් දෙදෙනා ඉවත්කිරීම හරහා එම අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් බව තරයේ සිහිතබා ගත යුතු බවට පසුගිය බදාදා ජනාධිපති කාර්යාලයේදි මුණගැසුනු එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසු බවයි.

“පසුගිය මැතිවරණය පවත්වන්නට ආසන්නයේ ශ්‍රිලනිප සහ එක්සත් ජනතා සංධානයේ ලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් නොකරන්න එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි වෙන බව මේ සාකච්ඡාවේදි පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ඒ බව හොදින් මතක තබාගන්නවාන් නම් හොදයි යන්න” පැවසු බැව් එම පුවතේ සඳහන් කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එක්වී සිටින මැති ඇමතිවරුන් ආණ්ඩුවන් වෙන්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේ එය දෙසැම්බර් මාසය දක්වා කල් යවා ගැනිමට තමාව් විශාල වෙහෙසක් ගත් බවත් එසේ නොවන්නට යූඑන්පී ආණ්ඩුවට වෙන දෙය ගැන සිතා බලන ලෙසත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අනතුරු ඇගවු බවද එහි සදහන් විය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමතිකම් ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් මොනවා කිව්වත් 2020 දක්වා මේ සම්මුති ආණ්ඩුව ගෙනියන බව ඒ අනුව ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ජනාධිපතිවරයාගේ ස්ථිර කොට ඇත.

වීඩියෝව මෙතනින්

28 views