ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කලා.. පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා..- ඇමති TB
July 1, 2017 at 9:20 am | lanka C news
මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනෙකු එන සැප්තැම්බර් මාසයේ දී හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ඉඩම් රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ එජාප-ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුම එන සැප්තැම්බර් මාසයේ දී අවසන් වීමත් සමග මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.
මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලෙස 2020 වන තෙක් කටයුතු කරන බවද ඇමතිවරයා සදහන් කර ඇත.
මේක රනිල් මයි3 රෙජීමයේ තවත් ගුන්ඩුවක් විතරයි. ඒකාබද්ද විපක්ෂයට මේ දහාටෙන් එකෙක්වත් නොගතයුතුයි . මුන් මහින්දගේ කරේ නැගල චන්ද දිනලා ආයෙත් කටුසුප්පු කරන්න පනිනවාමයි. එකේ දෙකක් නැහැ.
ලංකාවෙ එකෙක් හරි ඇමති වරප්‍රසාද අත්හැරියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.
mowunwa ekaabadda wipakshayata ekathukaraganna narakayi.
ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කලා.. පාර්ලිමේන්තුවේn maka bawila pala.
මුන්ගෙ බයිලා! මුං අයින් වෙන්නෙත් නෑ; අයින් වුනත් ඒකාබද්දෙ පැනල ගන්නවා, එකෙන්ම. කරුමෙට ඒකාබද්දෙ එවුන් ටික නැතුව අපට ආන්ඩුවක් හදන්ඩ ක්‍රමයක් නෑ, ඊළඟ ඡන්දෙදිවත්. සැබෑ දේශප්‍රේමී ජනතාවට තියෙන්නෙ මුන්ටත් එස්බීට අප්පච්චිමළෝට බෙදාපු හැන්දෙන් බෙදල මහින්දට ගෝඨාභයට ශක්තියක් වෙන අයව පත් කරණ එකයි, ඕං!
රතන හාමුදුරාවන් ස්වාධීන උනා වගේද?
මේක රනිල් මයි3 රෙජීමයේ තවත් ගුන්ඩුවක් විතරයි. ඒකාබද්ද විපක්ෂයට මේ දහාටෙන් එකෙක්වත් නොගතයුතුයි . මුන් මහින්දගේ කරේ නැගල චන්ද දිනලා ආයෙත් කටුසුප්පු කරන්න පනිනවාමයි. එකේ දෙකක් නැහැ.
දැන්ද මතක්වුනේ? වරෙල්ලකො….. දෙන්නම් මතක හිටින්න!
ටි.බි. ….මේක ලියන මම තමුනාන්සේට කීපවතවත් මගේ සහ මගේ බිරිඳ ගේ, මනාපය පාවිච්චි කල බව මේ මොහොතේ පවසන්නේ හදපිරි ශෝකයෙනි. මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවෙමි. කිසිදු පක්ෂයක ගැත්තෙකුද නොවෙමි. පසුගිය වර මහමැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් මගේ පළමු මනාපය හිමිවුයේ මහින්ද මහතාටය . දෙවැනි මනාපය තමුන්නසේටත්, තෙවැනි මනාපය අනුර යාපා ටත් ලබා දුනි. යාපා ට මගේ චන්දය ලබා දුන්නේ ඒ මොහොත වනවිට ඔහුගේ පක්ෂලේකම් කම අත්හිටුවා තිබීම ම ඔහු සඳහා මනාපයක් දීමට හේතු විය. එතෙක් කාලයක් මා තමුන්නාන්සේ ගැන සිතා සිටියේ, කොන්ද පන ඇති අවංක, නිකැළැල් ජනතා සේවකයෙකු සේය. එහෙත් ඔබ තමන්ට චන්දය දුන් ජනතාවගේ ගරුත්වය කෙලසන, කාලකන්ණි දෙස්පාලුවෙකු බව මේ යහපාලන අසුචි වලට බැස නිළතල ලබා ගැනීමෙන්ම ඔප්පුකර තිබේ.
මා ඔබට චන්දය දුන්නේ සිරිසේන + රනිල් ආණ්ඩුවේ තනතුරු ලබාගෙන අපගේ මනාපය කෙලෙසීමට නොවන බව නැවත වරක් කියමි. මින් මතු කසිදු දිනයක මාගේ මනාපය ඔබට සහ අනුර යාපා වෙත නොදෙන බවත්, මට හැකි පමණින් තවත් දෙතුන්දෙනෙකු හෝ ඔබට මනාපය පළකිරීමෙන් වලක්වනු ලබන බවත් සපත කර කියමි.
වන්නිනායක කොලුවෝ.චන්ද දුන්නට උඹ තාම ලංකාවෙ දේශපාලනේ දන්නෙ නෑ.ආංඩු වෙනස් වෙනවා. පක්ෂ පරදිනවා. ප්රාජිතලා, චම්පකලා,එස්.බී.ලා මේමහත්තයා(?) වගේ උත්තමයො හැමදාම ඇමති ලා
This man may be bargaining.
In September UNP-SLFP MOU will be extended and you will be paid more to keep you in the GOV.
Incapable , passive MS has no other option.