ශ‍්‍රීලනිප-එජාප අත්සන් නැතොත් රනිල්ට එරෙහි විශ්වාස භංගයෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල නෑ..- ප‍්‍රසන්න රණතුංග

March 20, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප-එජාප අත්සන් නැතොත් රනිල්ට එරෙහි විශ්වාස භංගයෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල නෑ..- ප‍්‍රසන්න රණතුංග

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයට එජාප හා ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන්ගේද අත්සන් නොලැබුනහොත් එය ඉදිරිපත් කිරීමෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.

අද උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 4 රේදී පැවති ඒකාබද්ධ විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට පෙර මා රැස්ව සිටි පිරිසට පැහැදිලි කලේ මේ විශ්වාස භංග යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ද අත්සන් ඇතුලත් කර ගත යුතු බවය. නොඑසේ නම් මෙම විශ්වාස භංගයෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල අත් නොවනු ඇතැයි මම සැක පල කලෙමි. මෙම විශ්වාස භංගයට සහාය දෙන බව ශ්‍රී.ල.නි.ප. හා එ.ජා.ප. මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් එය ඔවුන් ක‍්‍රියාවෙන් ඔප්පු කල යුතු බවත් මම අවධාරණය කලෙමි.

කණ්ඩායම් රැුස්වීමේ අවසන් අවස්ථාවට මා සහභාගී නොවූ අතර විශ්වාස භංගය සම්බන්ධයෙන් සාකච්ඡුා වී ඇත්තේ එහිදීය. ඇතැම් මන්ත‍්‍රීවරුන් මෙහිදී අදහස් පල කරමින් ශ්‍රී.ල.නි.ප. හා එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් මේ සඳහා ලබා ගත යුතු බව අවධාරණය කර ඇති බව පසුව මමද දැන ගතිමි. ඒකාබද්ධයේ කිසිදු මන්ත‍්‍රීවරයෙකු මෙම විශ්වාස භංග යෝජනාව මේ මොහොතේ ඉදිරිපත් නොකල යුතු යැයි සඳහන් කර නොමැති අතර රැුස්වීමේදී කඩිනමින් මෙය ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය කර ඇත.

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම ආණ්ඩුව ඉවත් කිරීම අද දවසේ ප‍්‍රමුඛ කාර්ය බව ඒකාබද්ධයේ අපි විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවද මේ මොහොතේ අවධාරණය කරමි. මෙහිදී සිදුව ඇත්තේ විශ්වාස භංගය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය සාධක කිහිපයක් පිලිබඳ මන්ත‍්‍රී කණ්ඩායමේ අවධානය යොමු කිරීම පමණි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඒකාබද්ධයේ කසිදු බෙදීමක් නොමැති බවත් අවධාරණය කරමි.

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු

30 views

2 Comments to “ශ‍්‍රීලනිප-එජාප අත්සන් නැතොත් රනිල්ට එරෙහි විශ්වාස භංගයෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල නෑ..- ප‍්‍රසන්න රණතුංග”

  1. Wijebahu says:

    idam walin sall kollakagath hora detuwa.

  2. Sarath says:

    UNP eka මහ ලොකුවට කතා කළාට ඕකට ඡන්දය දෙන්නෙ නෑ .SLFP එකත් ඕකට ඡන්දය දෙන්නෙ නෑ .ඒ කා බද්ධය නිකං sawuththu වෙනවා විතරයි

Main News