ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩු ගිවිසුම වලංගු නෑ.. ආණ්ඩුවෙන් ඉවත් වෙන දවස ජනපති කියයි..

June 16, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩු ගිවිසුම වලංගු නෑ.. ආණ්ඩුවෙන් ඉවත් වෙන දවස ජනපති කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන අවසන් තීන්දුව ඉදිරි සැප්තැම්බර් මස 02 වැනිදාට යෙදෙන ශ‍්‍රීලනිප 67 වන සංවත්සරයේදී ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ජනාධීපතිවරයා මෙම අදහස් පල කර ඇත්තේ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම සමග පැවැති හමුවකදීය.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම වලංගුතාවක් නැති බව පවසා ඇති ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී නොව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීන් බවද පවසා ඇතියි වාර්තවේ දැක්වෙයි.

35 views

14 Comments to “ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩු ගිවිසුම වලංගු නෑ.. ආණ්ඩුවෙන් ඉවත් වෙන දවස ජනපති කියයි..”

  1. Hitan@Hutan.com says:

    අනේ ලොකු මහත්තයො දැන් බොරු කිව්ව ඇති.ඔහොම මුසාවාද කෙලල හිටං කොයි වල යන්නද බලාන ඉන්නෙ.

  2. රාහුල කොලුවා says:

    ගිවිසුම වලංගු නැත්තං ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය සීමා කල යුතුයි නේද..? නීති විරෝධි කැබිනට්ටුවක් තවමත් පවත්වා ගෙන යන්නෙ ඇයි…?

Main News