ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසියි..

January 4, 2018 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසියි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ඹය හා එක්සත් ජාතික පක්‍ෂය අතර ගිවිසුම් ගත වූ ජාතික ආණ්‌ඩු ගිවිසුම 2017 දෙසැම්බර් 31 වැනිදායින් අහෝසි වී ඇති නිසා මේ වන විට රට තුල ඇත්තේ නීති විරෝධී මෙන්ම ව්‍යවස්‌ථා විරෝධී කැබිනට්‌ මණ්‌ඩලයක්‌ හා රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන් සහිත ආණ්ඩුවක් යයි ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ජාතික ආණ්ඩුව කල් ඉකුත් වී දින කිහිපයක් ගෙවී ගොස් ඇතත් ඒ ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දක්වන්නේ දැඩි නිහැඬියාවක්‌ යයිද ඔහු කීය.

මෙම තත්වය දේශපාලනමය පමණක්‌ නොව ව්‍යවස්‌ථාමය, නෛතික ලෙස ගත්තද බරපතල ගැටලුවක්‌ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

19 සංශෝධන 46 වගන්තිය අනුව ආණ්‌ඩුව කැබිනට්‌ ඇමැතිවරුන් 30ක්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 40ක් තෙක් සීමා කර ඇති බවත් ජාතික ආණ්‌ඩුවක් යයි කියමින් කැබිනට්‌ ඇමැතිවරුන් 45ක් හා රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන් 55ක් දක්වාත් වැඩි කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වන විට ජාතික ආණ්‌ඩු ගිවිසුම අහෝසි වී ඇති නිසා ආණ්‌ඩුවේ කැබිනට්‌, රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන් ප‍්‍රමාණයන් නීති විරෝධී යයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
අනුර බාලසූරිය

96 views

6 Comments to “ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසියි..”

  1. බන්ඩා says:

    රනිල් සහ සිරිසේන අතරෙ හොද අවබෝධයක් තියනවා. එකි නෙකාගෙ උපකාරය නැතුව දෙන්නම නැතිවෙන බව දෙන්නම දන්නවා. දෙන්න එකතු වෙලා වෙන වෙනම ජනතාව ගොනාට අන්දනවා. අැමති කටු සූප්පු කරන උන් එහෙය් කියනවා. ඉතින් තව මොන ගිවිසුම්ද?

  2. රාහුල මල්ලී says:

    දැන් දැන් හීනියට කෙඳිරිල්ලක් යනවා චන්දෙන් පස්සෙලු සලකා බලන්නේ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා… හැබැයි ගිවිසුම දෙසැම්බර් 31 අහෝසියි… ගිවිසුම අනුවයි කැබිනට් එක වැඩි වුනේ.. හැබැයි මේ මොහොතේ ගිවිසුම අළුත් කරන්න ශ්‍රී ලංකා එක අත්සන් කරන්න බයයි… එහෙම කලොත් ඒක චන්දෙට නරක විදිහට බලපානවා…මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ රටේ ශ්‍රී ලංකා කාරයෝ තණ කොළ කන බූරුවෝ කියලා… බූරුකම තියෙන උං අතට බුලත් කොළේට චන්දේ දෙයි…

  3. ගාමිණී says:

    2015 අගෝස්තු 19 සිට මේ “ජාතික ආන්ඩුව” නීති විරෝධී ආන්ඩුවක්. මැතිවරණයකට ඉදිරිපත් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට ආන්ඩුවක් පිහිටවිය නොහැක.

  4. Nandasoma says:

    රනිල් සහ සිරිසේන අතරෙ හොද අවබෝධයක් තියනවා. එකි නෙකාගෙ උපකාරය නැතුව දෙන්නම නැතිවෙන බව දෙන්නම දන්නවා. දෙන්න එකතු වෙලා වෙන වෙනම ජනතාව ගොනාට අන්දනවා. අැමති කටු සූප්පු කරන උන් එහෙය් කියනවා. ඉතින් තව මොන ගිවිසුම්ද?

    කණාගෙයි, කොරාගෙයි ආණ්ඩුව රටම විනාශ කරමින් තමතමන්ගේ මඩි තර කර ගනිති…..

    මැති ඇමති වරු කොච්චර හිිටියත් රටත්, ජනතාවත් වෙනුවෙන් කථා කිරීමට කවුද ඉදිරිපත් වෙන්නෙ?

    අවස්ථාවාදී හැත්ත..!

  5. SUNIMAL says:

    ශ‍්‍රීලනිප-එජාප ආණ්ඩු කැදහැලිය පන්නමු

  6. Saman says:

    Ara mini marala mini morunta kanna dunu eiyatada enne kiyamne sunimal?

Main News