ශ‍්‍රීලනිප කැරලිකාර සමුළුවට සෙනග නැතිව චන්ද‍්‍රිකාට මලපනී… හොරගොල්ල වත්තේ සේවකයන්ද කැදවයි..

November 5, 2019 at 3:53 pm | lanka C news
ශ‍්‍රීලනිප කැරලිකාර සමුළුවට සෙනග නැතිව චන්ද‍්‍රිකාට මලපනී… හොරගොල්ල වත්තේ සේවකයන්ද කැදවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධාන කළ රැස්වීම සඳහා මහජනතාව ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෞද්ගලිකව මැදිහත් වී තිබේ.

ඇය යටතේ පවතින ආයතන හා හොරගොල්ල වත්තේ සේවකයින් සහ කම්කරුවන්ද රැස්වීම සදහා කොළඹට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

චන්ද්‍රිකා මහත්මිය යටතේ ඇති බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ වත්මන් පාලනය යටතේ බඳවා ගත් සේවකයින් 100 කට පමණ රැස්වීමට පැමිනෙණ ලෙස දන්වා ඇතත් ඊට සහභාගී වී ඇත්තේ පස් දෙනෙකුට අඩු සංඛ්‍යාවක් වන අතර අන් සියලු දෙනා සම්මන්ත්‍රණ ශාලාවේ රාජකාරියට වාර්තාකර ඇත.

නිට්ටඹුවෙි සිට පැමිණි පිරිස අද දහවල් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නිල නිවසට පැමිණ දිවා ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය බලා පිටත්ව ගොස් ඇත.

නිට්ටඹුවෙන් පැමිණි පිරිස පනහකටත් වඩා අඩු වීම හේතුවෙන් හිටපු ජනපතිනිය අදාළ සංවිධායකයින්ට චෝදනා කර ඇත.

හිටපු ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා සෙනඟ රැස් කිරීම කඩාකප්පල් කර ඇති බවට චන්ද්‍රිකා මහත්මිය චෝදනා කළාය.

ජස්ටින් නවරත්න මහතා හිටපු ජනාධිපතිතුමියගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ධූරයෙන් ඊයේ දිනයේ දී ඉවත් වූ බව ඒ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

13,372 views

11 Comments to “ශ‍්‍රීලනිප කැරලිකාර සමුළුවට සෙනග නැතිව චන්ද‍්‍රිකාට මලපනී… හොරගොල්ල වත්තේ සේවකයන්ද කැදවයි..”

  1. Chandana says:

    Ethakota BAHUJANA NIDAHAS PERAMUNA haduwe SLFP surakinnada

Main News