ශ්‍රීලනිප චන්ද්‍රිකා පිල පොල්ල තියයි.. එජාප ජාතික ආණ්ඩුව දින නියමයක් නැතිව කල් යයි..
February 16, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සැලසුම් කර තිබූ ජාතික ආණ්ඩු යෝජනාව දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර ඇත.
එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදීමට පොරොන්දු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස අවසන් මොහොතේ එය කල නොහැකි බව දැනුම් දී තිබීමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබාදීමට තීරණය කිරීමත් එසේ ඡුන්දය නොදෙන පිරිස් සම්බන්දයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබීමත් සමග මෙම පිරිස එකී ස්ථාවරයට පසුබැස ඇත.
එමෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටු වුවද ශ්රීලනිපය කිසිවෙකුට තමන් ඇමතිකම් නොදෙන බවට ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශයද දැඩිව මීට බලපා ඇතැයි වාර්තා වෙයි.
වැටට තියල අප්පච්චි මලෝල ගහපු අමුඩෙට උන්ගෙ වල්ලත් හිරකරගෙන වගෙය්
මොලේ නැතිකම ඇමැතිකමත් වඩා ලොකුයි. ජනාධිපති තනතුරේ සහ පක්ෂ නායක තනතුරේ බලයන් යටපත්කරන්න පුළුවන් මහජන බලයට පමණයි. මහින්ද මැතිතුමා සමඟ ජනාධිපති එකඟතාවයකට ආ වහාම එතෙක් සිරිසේන ජනාධිපති සතුව නොතිබූ එම සියලුම බලයන් සමඟ මහජන බලය සහිත මහින්ද මැතිතුමාගේ ආශීර්වාදය ලැබීමනිසා තමුන් වටා සියලුම බලයන් කේන්ද්රගතවිය. ඒ හේතුවෙන් බලවත්වූ සිරිසේන ජනාධිපති තුමා සමඟ සෙල්ලම් කිරීමට නොහැකිබවත් පක්ෂය සමඟ නොසිටියොත් අමුඩෙත් නැතිවන බවත් SLFP තුල සිටින සියලුම ද්‍රෝහීන් දැනගත යුතුය. UNP සහ NGO වලට පන්දම් අල්ලන්න ඕනෑමනම් ඊළඟ පාර්ලිමේන්තු චන්දෙන් පසුව පුළුවන්.