ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක ලෙස මා ඉදිරිපත් වෙනවා..- වෙල්ගම
August 23, 2019 at 3:50 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළ යුතු යයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා පල වෙයි.
ශ්රීලනිපය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලහොත් ශ්‍රීලනිප පාක්ෂිකයා වෙනුවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු පවස ඇතැයිද සදහන්ය.
ශ්රීලනිපය කිසිසේත්ම පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවිය යුතු බවද ඒ මහතා මීට පෙරද සදහන් කර ඇත.