ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්.. එජාපෙ සුළු පක්‍ෂ පොහොට්ටුව පාමුල.. එක්වෙන්න සාකච්චා.. බදියුදීන් නොපැමිණේ..

September 16, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්.. එජාපෙ සුළු පක්‍ෂ පොහොට්ටුව පාමුල.. එක්වෙන්න සාකච්චා.. බදියුදීන් නොපැමිණේ..

නව සන්ධානයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා අවසන් එකඟතාවකට පත් නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මේ වනවිට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාළ ජ්‍යෙෂ්ඨයන් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.

මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ‘පොහොට්ටුව’ ලකුණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව හැර ප්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවක් සඳහා දෙපාර්ශ්වය විසින් මේ වනවිට එකඟතාවට පත්ව ඇතිව බවද සඳහන් වේ.

මේ අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ කිහිපයක්ද ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමග කෙටි සාකච්ඡා පවත්වා ඇති බවත්, මේ වනවිට ආණ්ඩුව පත්ව ඇති අවිනිශ්චිතාව හේතුවෙන් අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට අවධානය යොමු කළ බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

කෙසේවුවද ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මෙම පක්‍ෂ අතර රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා නොසිටි බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

– ada

63,263 Viewers

7 Comments to “ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්.. එජාපෙ සුළු පක්‍ෂ පොහොට්ටුව පාමුල.. එක්වෙන්න සාකච්චා.. බදියුදීන් නොපැමිණේ..”

  1. Nandasoma Suriyaarachchi says:

    මොකා ආවත් ගන්න ඔිනි, පොහොට්ටුව වෙනුවෙන් වසර 5ක් ඇමති කටු වලට යට නොවී දහ දුක් විඳිමින්, දර දිය ඇද්ද අයට අසාධාරණයක් නොවෙන විදියට…….!

    ඒ වගේම පොහොට්ටුවට ඡන්දය දුන් සහ මෙවර දෙන්න බලාගෙන ඉන්න අයට ගැටලුවක් වෙන්නෙ නැති විදියට…… ඒ කියන්නෙ පොහොට්ටුව වෙනස් නොකළ යුතුයි…..!!

  2. nim says:

    ඕක ගත්තොත් දෙන්න ඉන්න එක දෙන්නෙත් නේ . වෙන උන්ට දෙන්න දෙන්නෙත් නේ .

  3. CAT says:

    රිෂාඩ් බද්යුදීන් වැනි අන්තවාදී වහබි දේශද්‍රෝහියෙක් ලං කරගන්නා කිසිදු පක්ෂයකට අපේ රටේ ජනතාවගේ සහය නොලැබෙන බව සහතිකය
    එම පක්ෂය පරාජය වීම වැළැක්විය නොහැක

  4. Ex SLFP says:

    මොන උලව්වට එකග උනත්

    ජනාධිපති බලතල රැක ගනිව්; 19 අහෝසි කරව්
    පලාත් සභා අහෝසි කරව්
    සමානුපාතික චන්ද මර උගුල අහෝසි කරව්
    සිංහල දෙමල මුස්ලිම් හැමට එක නීතියක් ගෙනෙව්
    ‍රණවිරු, පන්සල් දඩයම නවතව්
    ඇමෙරිකන් ගිවිසුම් අහෝසි කරව්
    ලොක්කන්ට පමණක් ඇති තීරු බදු සහන නැති කරව්
    දේශීයව නිෂ්පාදනය කළ හැකි දේවල් ආනයනය වහා නවතව්
    ගොවියාට , කම්කරුවාට, බුද්ධිමතාට අවස්ථාව දියව්

    • Bald Citizen says:

      Very good demands! I too agree with you!

    • UD says:

      100% agree. Add few.
      (1) Number of Ministers fixed to 20. (
      2) No ministers from parliament
      (3) Future Presidential Election dates should be fixed to a date +/- 5 days by constitution (as in USA)

  5. GOTA2020 says:

    Badurdeen gaththoth ithin ape chandeth Gotata nethi bawa sihiye thabagatha yuthui.

Main News