ශ්රීලනිප ජාතික ලයිස්තු මන්ත්රිකමට විශාල පිරිසක් පොරකති.. හිස්බුල්ලාත් ඉල්ලයි..
August 26, 2019 at 12:00 pm | lanka C news
දැනට පුරප්පාඩු වී ඇති එජනිස ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සදහා දැඩි සටනක් ඇතිව තිබේ.
සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසන්නේ දැනටමත් ඒ සදහා ලිඛිත ඉල්ලීම් 19ක් පමණ ලැබී තිබෙන බවයි.
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ලංකා කම්කරු කොංග්රසය, කොමියුනිස්ට් පක්ෂය, ශ්රී ලංකා මහජන කොංග්රසය මෙන්ම ශ්රීලනිප පිරිසක්ද මෙම මන්ත්රී ධුරය ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
ශාන්ත බණ්ඩාර මහතා සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මන්ත්රී ධුරය පුරප්පාඩු විය.
ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වූයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා අභාවප්රාප්ත වූයෙන් එම දිස්ත්රික් ලයිස්තුවේ මීලග මනාපය අනුව නැවතත් පාර්ලිමේන්තුවට පැමිනීම සදහායි.
සුපුරුදු විදියට වෙන්දේසියේ දාලා වැඩිම ඉල්ලුම්කරුට දෙමු.
Bullata Demuda?
ඔය මන්ත්රීකමේ දිව්රපු හැටියේ ලැබෙන Unlimited Car Permit එකටයි ඔය දැවැන්ත ඉල්ලුම තියෙන්නේ. කෝටි 3 ඉඳල ඉහළට ලාබයක් ගන්න පුළුවන් ගනුදෙනුවක්.
බල්ලෙකුට දීපිය ආප්පයාගේ වාටිය කකා ඉන්න බැරියයි
ow oba hariyatama hari ,,his ballata,, dunna namm saharaala gode goda,
ඔය පර්මිට් නම් අපිව පහෙන් පහට ලැබෙනවා ඩොකාලා නිසා ඩොක්ටර් ෂාපි මගේ මිත්රයා මිනිහටත් ලැබුනා වික්කා අපි එකට තියටර් එකේ කුරුණෑගල වැඩකලේ මිනිහා දක්ෂයි ලැබුන ගමන් විකුණලා දානවා මගේ පර්මිට් තියාගෙන වයිෆ්ගේ එක වික්කා අපි මාතර ඉන්නේ දැන් ඔයා පාර්ලිමේන්තුවේ යන්නේ පර්මිට් එකට මරාගන්නවා බොරු වැඩ එවා අපි ඩොකාලා අපිව නොලැබුනොත් අපේ GMOA එක ස්ට්රයික් එකක් කොල් කරලා හරි අපිට පර්මිට් එක අරන් දෙනවා ලෙඩ්ඩුන්ට මොකවුනත් පව් ඉතිං පොලිටික්කෝ
පොර කකා ආවත් ශ්රි.ල.නි.ප.යට තවදුරටත් ඡන්ද පදනමක් නෑ. හැමෝම පොහොට්ටුවට ගිහින් ඉවරයි. ඔහෙ ඇවිත් ඇපත් රාජසන්තක උණාවේ.
චතුරිකාට දුන්නා නම් හරිනේ. පාර්ලිමේන්තුවේ මන්ත්රීලාලටත් වෙනසකට හොදයිනේ නේද…
ජනාධිපති කම කෙළවෙලා එනකම් තියාගෙන ඉන්න . එතකොට වැටුප් දෙකයි.ජනතාව මකබෑවිලා ගියත් මක්කෙයි.