ශ‍්‍රීලනිප ජාතික ලැයිස්තු ඇමති මහින්ද සමරසිංහත්, සරත් අමුණුගම රනිල්ගේ ගෝලයෝ කරමින් වරාය වික්ක බව වාසු අමුතුම කතාවක් කියයි…

August 1, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප ජාතික ලැයිස්තු ඇමති මහින්ද සමරසිංහත්, සරත් අමුණුගම රනිල්ගේ ගෝලයෝ කරමින් වරාය වික්ක බව වාසු අමුතුම කතාවක් කියයි…

හම්බන්තොට වරාය චීනයට දීම සම්බන්ධව එහි වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ බවට පොදු විපක්ෂයේ පතාක යෝදයෙකු වන මෙරට වමාංශික නායකයකු වන රත්නපුර දිස්ත්‍රික් එක්සත් නිදහස් සංධානා මන්ත්‍රී වාසුදේව නනායක්කාර මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කලේය.

මෙරටේ ජනතාව හොදාකාරවම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අවබෝධ කරගෙන සිටින අතර එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට 1948 සිට වරින් වර මෙරටේ දක්ෂිණාංශිකයින් විසින් එක්සත් ජාතික පක්ෂ රජයන් බිහිකළහ. විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තිය, පෞද්ගලිකකරණය, දක්ෂිණාංශික විදේශ ප්‍රතිපත්තිය මෙන්ම නියෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොට එම පක්ෂයේ ප්‍රතිපත්ති සකස් වී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම එහි නායකයාගේ වගකීම වේ. ඒ අනුව එදා මෙරටේ ටැක්ටර් සංස්ථාව, සිමෙන්ති, තුනිලැලි, වැල්ලවත්ත තුල්හිරිය පෙහෙකම්හල්, යුනයිටඩ් මෝර්ටස්, ජාතික රක්ෂණ සංස්ථාව, රාජ්‍ය වානේ සංස්ථාව, තෙල් හා මේද සංස්ථාව, කැලණි ටයර් සංස්ථාව, රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව ඇතුළු මෙරටේ ලාභ අලාභ සියලුම රාජ්‍ය ආයතනයන් පුද්ගලික අංශයට විකුණා දැමිනි. අද වනවිට ඉන් සමහර එම සංස්ථාවවල අයත් දේපල පවා එවා මිලයට ගත් පෞද්ගලික වෙලෙන්දුන් විකුණාගෙන කා බැංකුවලටද රුපියල් කොටී ගනන් පොලු තබා තිබේ.

2015 ජනවාරි 8 වෙනිදා මෙරටේ ජනාධිපතිවරයා පත්කරන්නේ එජාප යයි. 1994 සහ 2004 ගිලිහුණු එජාපයේ ප්‍රතිපත්ති ක්‍රිරීමට අවශ්‍ය කල පුද්ගලයෙකු ඒ සඳහා තෝරාගත්තේ ය. ඒ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ හෝ ඔහු විසින් නම් කල පුද්ගලයෙකි. ඒ සඳහා ශ්‍රිලනිප ඇතුළු දැවැන්ත ප්‍රගතිශීලි රජය පෙරලා දැමීමට එජාපයේ නායකත්වය ඇතුළු දක්ෂිණාංශිකයින් තෝරාගත්තේ එවකට ශ්‍රිලනිප මහා ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතායි. සමහරවිට එදා රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයකු වු නිමල් සිරිපාල ද සිල්වා රනිල් ඇතුළු දක්ෂිණාංශිකයින්ගේ යෝජනාවලියට එකඟ වූයේ නම් බොහෝ දුරට ඔහු අද එජාප අනුග්‍රහයෙන් පත්වන මෙරටේ ජනාධිපති ය.

ඒ අනුව කවුරු ඒ ආණ්ඩුවේ සිටියත් එය එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් විනා නිල් පාට ඇදුම ඇන්දාට ඒ තුල ස්වදේශිකත්වය, බණ්ඩාරනායක ප්‍රතිපත්ති හෝ ප්‍රගතිශීලි සහ වාමාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමක් සිදු නොවනු ඇත. එය හරියට කොළඹ ආනන්ද විද්‍යාලය මුස්ලිම් භක්තියකු වන හිටපු ඇමති ඉමිතියාස් බකීර් මාකර් මෙන්ම මරදානේ සහිරා විද්‍යාලයට බෞද්ධයෙකුවන හිටපු අමාත්‍ය ධර්මදාස බණ්ඩා ගිය පලියට කොළඹ ආනන්ද ය මුස්ලිම් පාසලක් හෝ මරදානේ සහිරා විද්‍යාලය බෞද්ධ පාසලක් හෝ වූවේ වත් නැති ආකාරයෙනි. එනම් මෛත්‍රී හෝ ශ්‍රිලනිප ඇමතිවරු ආණ්ඩුවේ සිටි පලියට එය බණ්ඩාරනායක හෝ ප්‍රගතිශීලි ප්‍රතිපත්ති රකින්නේ නැත. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු කිසිම එජාපය නායකයකු ඩාර්ලි පාරේ ශ්‍රිලනිප මූලස්ථානයේ මෙතෙක් පස් පෑගූවේ නැත, එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එජාපයේ මූලස්ථානයේ ජනාධිපති වීමට පෙරත් පසුවත් ගොස් ඇත.

හම්බන්තොට වරාය විකිණීම සඳහා පත්කල කමිටුවේ සභාපති ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ පත්කල මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම ය, ඔහු මේ ආණ්ඩුවේ විශේෂ ව්‍යාපති භාර ඇමතිවරාය ය, හම්බන්තොට වරාය විකිණීම සිදු කල ඇමති ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ පත්මකල මන්ත්‍රී මහින්ද සමරසිංහ ය, වරාය විකිණීම සඳහා ගිවිසුම අත්සන් කල ශ්‍රීලංකා වරාය අධිකාරියේ සභාපති ඒ මහින්ද සමරසිංහ වරාය සංවර්ධන ඇමති ලෙස පත්කල සභාපති පරාක්‍රම දිසානායක ය, රජයේ සියලු ප්‍රසම්පාදන නිති රිති උල්ලංඝනය කොට නිතී විරෝධී ලෙස වරාය අධිකාරියේ පනත ට එරෙහිව එය විකිණීමට ක්‍රියා කොට ඇත්තේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් පි ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර යන ලේකම්වරුන් ගෙන් සමන්විත කමිටුවකිනි.

ඒ අනුව බලන කල ඉහත පත්වීම සියල්ලම ශ්‍රිලනිප සභාපති ලෙසත් රටේ විධායක ජනාධිපතිවරයා ලෙසත් සිදු කොට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ඇත්ත වශයෙන්ම හම්බන්තොට වරාය විකිණීම තාවකාලිකව හෝ නවතා ගැනීමට හැකිවූයේ එජාපයේ ඡන්දය රැගෙන ගම්පහ දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු වරාය අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහු විසින් ශ්‍රීලංකා වරාය අධිකාරියට පත් කල සභාපති ය. එසේ බලන කල රත්නපුර දිස්ත්‍රික් එක්සත් නිදහස් සංධානා මන්ත්‍රී මෙන්ම පොදු විපක්ෂය නියෝජන කරන වාසුදේව නානායක්කාර මහතාට වැරැදි වැටහීමක් හම්බන්තොට වරාය සම්බන්ධව ඇති බවක් වැටහේ එනම් ඔහු නීතිඥවරයෙකු ද වන නිසා පලවෙනි වගඋත්තරකරු අමතක කොට දෙවැනියාට නඩු පැවරීමක් වැන්නය.

මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ මෙරටේ එකදු බිම් අගලක් හෝ මෙරටේ දුප්පත් මිනිහෙකුට පවා දීමට පලාත් සභාවකට වුවත් බලය නැත. ඒ සියලු බලතල ඇත්තේ මෙරටේ විධායක ජනාධිපතිවරයාටයි, එසේ නම් හෙක්ටයාර 1500 කට වැඩි අක්කර 5000 කට ආසන්න ප්‍රමාණයක් සහිතව ජාතික සම්පතක් වන මිලකල නොහැකි වටිනා වරායක් ජනාධිපතිවරයා නොදැන අගමැතිවරයා විකුණා දැම්මා කීම විහිලුවකි. ඒම නිසා අගමැතිගේ ආර්ථික කොමිටියට ඉහළින් ජාතික ආර්ථික සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර මේ වැඩේ යටගැසීමට අනුබල දීම මෙරටේ පරම්පරා ගනනාවක්ගේ ශාපය ඒ කල උන්ට හිමිවීම වැලක්විමේ පාපයට දායකත්වය දුන්නා වනු ඇත. Link

27 views

3 Comments to “ශ‍්‍රීලනිප ජාතික ලැයිස්තු ඇමති මහින්ද සමරසිංහත්, සරත් අමුණුගම රනිල්ගේ ගෝලයෝ කරමින් වරාය වික්ක බව වාසු අමුතුම කතාවක් කියයි…”

  1. silva says:

    Muta dannenadda MR vikunapu idam gena. Just shouting like a bloody dog.

  2. බන්ඩය්යා says:

    දෙන්නා අතර මොන ප්‍රශ්ණ තිබුනත් රනිල්, සිරිසේන අතහරින්නෙ නැහැ සිරිසේන රනිල් අතහරින්නෙත් නැහැ. එකෙකුට අනෙක නැතුව කපුට්ස් බව දෙන්නම දන්නවා. ඒ නිසා 2019 ජනාධිපතිවරණෙ වෙනකම් සිරිසේන පන්නන්න බැහැ. ඒකය් මහින්ද කිව්වෙ ජන බලයෙන් මිසක් කුමන්ත්‍රණ වලින් බලය ගන්නෙ නැහැ කියල.

Main News