ශ‍්‍රීලනිප තවත් පිරිසක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ගණන දෙමල සන්ධානයටත් වඩා අඩුවෙයි..

March 31, 2019 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිප තවත් පිරිසක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ගණන දෙමල සන්ධානයටත් වඩා අඩුවෙයි..

අයවැය අවසන් ඡුන්ද විමසීම පැවැත්වෙන අපේ‍්‍රල් මස 05 වැනිදායින් පසු
පාර්ලිමේන්තුවේ පිල්මාරු කිහිපයක්ම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

මෑතකදී ආණ්ඩු පක්‍ෂයට එක් වූ ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නැවතත් විපක්‍ෂයට එක්වනු ඇති බවත් ඉන් කිහිප දෙනෙකු පොහොට්ටු පාර්ශවය සමගින් එක් වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

එමෙන්ම දැනට විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිව් දෙනකුද පොහොට්ටු පාර්ශවය සමගින් එක්වනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා අසාර්ථක වුවහොත් ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පොදුජන පෙරමුණට එක්වනු ඇති බවයි.

එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගින් කටයුතු කරන මන්ත‍්‍රී පිරිස දෙමල සන්ධාන මන්ත‍්‍රීන් 15 ටද වඩා අඩු ප‍්‍රමාණයක් වනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

44 views
Main News