ශ‍්‍රීලනිප දේශපේ‍්‍රමියෝ මධ්‍යම කාරක සභාවේ බලය අල්ලති.. ‘ශ‍්‍රීලනිප රනිල් පිල’ තනි වේ.. ආණ්ඩුවෙන් ඉවත් වන්න යොජනා සම්මතයට සූදානම්..

April 11, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප දේශපේ‍්‍රමියෝ මධ්‍යම කාරක සභාවේ බලය අල්ලති.. ‘ශ‍්‍රීලනිප රනිල් පිල’ තනි වේ.. ආණ්ඩුවෙන් ඉවත් වන්න යොජනා සම්මතයට සූදානම්..

අගමැතිවරයාට විරුද්දව විශ්වාස භංගයේදී ඡුන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසට පක්‍ෂව මේ වන විට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ වැඩි පිරිසක් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමට එම පිරිස විසින් මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇත.

ඒ සදහා දැනටමත් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් වෙන්න වෙන්ව අමතමින් ඔවුන් විසින් සිය මෙහෙයුම දියත් කර ඇත.

කෙසේ වෙතත් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මේ ගැන අවසන් තීරණයක් නොගැනෙනු ඇති බවද වාර්තා වෙයි.

26 views
Main News