ශ‍්‍රීලනිප නායකත්ව ජනපතිට ගන්නැයි ආරාධනා කෙරේ.. මෛත‍්‍රී ඉවතට..

August 1, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප නායකත්ව ජනපතිට ගන්නැයි ආරාධනා කෙරේ.. මෛත‍්‍රී ඉවතට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට එම පක්ෂය නියෝජනය කරන ඉදිරිපෙළ ප්‍රධානීන් කිහිප දෙනෙකු තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ගණනාවක් ඔවුන් අතර සිදුවී ඇති බවද සඳහන්ය.

වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මැතිවරණයෙන් පසුව අත හැරීමට තීරණය කර ඇති නිසා මෙම සාකච්ඡාව ඇතිව තිබේ.

ශ‍්‍රීලනිප නායකත්වය ලබාගැනීම සඳහා දැනටමත් එම පක්ෂයේ කිහිප දෙනෙකුම සූදානමින් සිටින අතරතුර මෙම සාකච්ඡා වී තිබේ.

ගෝටාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගන්නැයි ආරාධනා කිරීමට සූදානම් වන පිරිසකගේ මතය වී ඇත්තේ මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවය.

එනිසා මේ මොහොතේ ඊට සුදුසුම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සඳහා ආරාධනා කළ යුතු බව ද ඔවුන්ගේ අදහසයි.

ඒ අනුව ඉතාම ආසන්නයේ දී මෙම යෝජනාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියි.

287 views

13 Comments to “ශ‍්‍රීලනිප නායකත්ව ජනපතිට ගන්නැයි ආරාධනා කෙරේ.. මෛත‍්‍රී ඉවතට..”

  1. T says:

    Meka Thamaie Wenna Ohne. Sri Lanka Nidahs Paksaye Channda Dan Dekata Kadila.Pohotuwa Tawakalika Nishpadanayak Pamani. Me Ratae Thiyanne Pradana Sinhala Paksha Dekai. UNP Saha SLFP. Sinhala Bauda Ratak Washayen Sri Lanka Rakae Ganimata Janadipathi Tumani SLFP Nauakatwa Ya Bara Ganna.

    • වයි දිස් කොලවෙරි says:

      ගිලෙන නැවක සුක්කානම බාර ගත්තොත් වැඩ 2ක් කරන්න පුළුවන්.

      ගිලෙන නැව හිල් වහල හරි පාරට ගන්න පුළුවන්.
      නැව හදන්න බැරි නම් ගිල්වලා දාන්න පුළුවන්.

  2. රනිල් වික්කමයිංහ says:

    පොහොට්ටු ව වෙනයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනයි. මේ යන්නේ ඉතුරුවෙලා තියන නිදහස් පක්ෂයේ කෑල්ලත් දියකරලා වාෂ්ප කරලා දාන්න. එතකොට පොහොට්ටුවට ලෙහෙසියෙන්ම ඒකාධිකාරී පාලනයක් ගෙනයන්න පුළුවන්. අන්තිමට සජියා මටත් මෙහෙම කරයි ද ?

  3. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂

  4. Sinhalaya says:

    Meka kumanthranyak. Ahuwenna epa pohottuwa hodaya

  5. Aurora says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද නන්නත්තාර වෙන්න නොදී ජාතිකවාදී බලවේග තුල රඳවා ගැනීම පොහොට්ටුවේ නායකයන්ගේ වගකීමක් සහ යුතුකමක්. ජනාධිපතිතුමා මේ ඉල්ලීමට එකඟ වුනොත් ජනාධිපතිවරණයේ ලැබුණ ලක්‍ෂ 69 නව පිබිදීමකින් යුක්තව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වටේ එකතුවෙනවා පමණක් නොවේ අගෝස්තු 5 මැතිවරණයේදී පොහොට්ටු පාර්ශවය ලබන චන්ද සංඛ්‍යාව ලක්‍ෂ 75 ඉක්මවා යනවා. ඒ ප්‍රබෝධය ප්‍රමාණවත් 2/3 අනිවාර්යෙන්ම ලබාගෙන යම් යම් කණ්ඩායම් වලට දොලපිදේනි ලබාදෙන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාවක් ස්ථාපිත කරගන්න.

    • 77 UNP says:

      සවිමන් කබලාන විසින් දුන්හිඳ ගරාජය සම්බන්ධයෙන් අනුගමණය කරනලද ක්‍රමවේදයම SLFP එක සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම මෙහිදී ඉතාමත් ප්‍රායෝගිකයි.

  6. Saradiel says:

    අත දැන් කිලුටුවෙලා තිබෙන්නේ පොහොට්ටුව දිගටම ගෙන යා යුතුයි

    • ඊරි යකා says:

      හිටන් ආප්පයගේ පක්ශය ආප්පයාටම තියාගන්න කියන්න

  7. kkuruwita says:

    ඇයි චන්දෙන් පස්සෙ ? ඉන්න කෙනා දිනන එක ෂුවර් නැදද ? චන්දෙන් පස්සෙ නෙවෙයි දෙනව නම් මේ මොහොතේ දැන් දිය යුතුයි. එහෙම නැත්තං මේක චන්ද්‍රිකාගේ උප්පර වැට්ටියක්.

  8. පුියන්ත says:

    බන්ඩාරනායක මහත්තයා පටන්ගත්ත සිරිමාවෝ බන්ඩාරනායක චන්දුිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ වාගේ ශෙු්ෂඨ නායකයින් බිහිකල මෛත්‍රීපාල සිරිසේන කියන තුහිනයා විසින් වලපල්ලටම යවනලද නිදහස් පක්ෂය නැවත වලෙන් ගොඩගෙන හුස්මදී නංවාලීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම අවශය නොවෙි කුියාත්මක කිරිමට භුමිකාවක් හෝ වගකිමක් තවදුරටත් එයට ඉතිරිව නැත

  9. පොහොට්ටුව 75 L ඉක්මවා පිපෙන්න ඉතා ආසන්නයි. බැති සිතින් එයට ” අත” ගසන්න පින්වතුනි!
    ජයෙන් ජයම වේවා!
    ජය ධරණී!

  10. D.Nimal says:

    After incoming election we will be able see New Political Development in Island-wide .

Main News