ශ‍්‍රීලනිප නෑ කියා කිසි අවුලක් නෑ.. තනිවම ආණ්ඩුව ගෙනයන්න පුළුයනි.. ශ‍්‍රීලනිප කැබිනට් වර්ජනය නොතකා රැස්වූ එජාප කැබිනට් මණ්ඩලය කියති..

April 11, 2018 at 3:28 am | lanka C news
ශ‍්‍රීලනිප නෑ කියා කිසි අවුලක් නෑ.. තනිවම ආණ්ඩුව ගෙනයන්න පුළුයනි.. ශ‍්‍රීලනිප කැබිනට් වර්ජනය නොතකා රැස්වූ එජාප කැබිනට් මණ්ඩලය කියති..

ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැතිව වුවද කැබිනට් මණ්ඩලය රැස්වූ බව ඊට එක්වූ එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කියා සිටිති.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නැතැයි කියා ආණ්ඩුව ගෙන යාමට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවද ඔවුහු පැවසූහ.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ගන්නා ලද තීරණයක් අනුව එම පක්‍ෂයේ කිසිදු ඇමතිවරයෙකු අද පැවති කැබිනට් හමුව සදහා සහභාගී නොවීය.

27 views

6 Comments to “ශ‍්‍රීලනිප නෑ කියා කිසි අවුලක් නෑ.. තනිවම ආණ්ඩුව ගෙනයන්න පුළුයනි.. ශ‍්‍රීලනිප කැබිනට් වර්ජනය නොතකා රැස්වූ එජාප කැබිනට් මණ්ඩලය කියති..”

  1. bleo says:

    දන් නම් එක්සත් ජාතික පක්ශයත් නැතිව උනත් රටට කමක් නැහැ. තිබිල කරපු විනාසෙ පේනවනෙ. බංකුව හොරා කෑව, රටේ සම්පත් තුට්ටු දෙකට වික්ක. තව හිටියොත් මොනව කරාවිද?

  2. bleo says:

    දැන් නම් එක්සත් ජාතික පක්ශයත් නැති උනත් රටට කමක් නැහැ. තිබිල කරපු විනාසෙ පේනවනෙ. මහ බැංකුව හොරා කෑව, රටේ සම්පත් තුට්ටු දෙකට වික්ක. තව හිටියොත් මොනව කරාවිද?

  3. රාහුල මල්ලී says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තරම් පීචං තත්ත්වයට පත් කලේ ඇයි… කාගෙන් පලි ගන්නද…? රටේ බලය පිහිටුවූ… රටේ ප්‍රධාන විපක්ෂය වූ මෙම පක්ෂය 8% චන්ද ප්‍රතිශතකයකට ඇද දමා තවමත් රූපවාහිනි නාළිකාවලින් පුරසාරම් දොඩවන පක්ෂයේ මහ ලේකම්,.. සන්ධානයේ මහ ලේකම්… ලැඡ්ඡාවක් කියන එකක් ගෑවිලාවත් නැද්ද…?

    • නිදහස් says:

      මේ පක්ෂය විනාශ කරේ වෙන කවුරුවත් නෙමෙයි චන්ද්‍රිකා නෝන. එයාට වුවමනා වුනා බණ්ඩාරනායකල හදපු පක්ෂයෙ රාජපක්ෂල රජ කරනවට ඒකයි මේ වෛරක්කාරි එහෙම කරේ සහ ඉදිරියටත් කරන්නෙ. ඒකට ‍මෛත්‍රීල, අමරවීරල අහුවෙලා තියෙන්නෙ.

  4. Hoo N P Kaaraya says:

    Ethakota me amathiyala, Janadipathi saha paksha sabapathi inna cabinet ekath warjanaya karai kiyanne megollo natanne pohottuwa gahana bera padayata wennathi!

Main News