ශ්‍රීලනිප පන්නා දමා එජාප ආණ්ඩුවක්.. දෙමල සන්ධානයටත් ඇමතිකම්.. ජවිපෙටත් ආරාධනා..
November 26, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එක්ව අලුත් ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි එජාපයේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ද ඇමැති ධුර ලබා දෙන අතර මේ පිළිබඳ දැනටමත් රහස් සාකච්ඡා ඇරැඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.
එජාපයේ මෙම යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද කැමැත්ත බොහෝ දුරට ලැබෙනු ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නව ආණ්ඩුව පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කිරීමට එජාපය කැමැත්තෙන් පසුවන බව එකී ආරංචි මාර්ග සඳහන් කෙළේය.
ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවට එජාප මන්ත්‍රීවරුන් රැසකගේ අදහස වී ඇත.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා සීමා නිර්ණ ගැසට් පත්‍රයට එරෙහිව නඩු පවරා ඇත්තේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අනුදැනුම මත යෑයි විශ්වාස කරන එජාප මන්ත්‍රීවරුන් එවන් පක්ෂයක් සමඟ ආණ්ඩුවක් කරගෙන යැම ඉදිරියේදී ජනතා අප්‍රසාදයට ලක්වීමේ හේතුවක් වනු ඇතැයි ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පෙන්වා දී ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
– Divaina
ජේ වී පි සහා ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර ලබා දීම උබලගේ අවසානය
මහජන බල වේගය උබලට එදාට දැකගන්න පුලුවන්
එහෙම වෙන්නෙ නැහැ,මුන් දෙගොල්ලොම ඇමතිකම් බාර ගන්නව.දැනටත් මුන් දෙගොල්ලොම එජාපයේ නිල නොලත් ඇමතිවරු?????????
JO will never win elections with SLFP. People will never trust JO again. They will ended up in the dustbin. Don’t join with SLFP..
IF JVP join with proposed by UNP current leadership that JVP’s will fulfilled l aspiration of founder leader of that of Rohan Wijaweera dream comes to true?
Once Wijaweers said that “End Of role of SLFP” that an immediate after he released from Jail stance In 1977?