ශ්‍රීලනිප පාදම ගැලවී එයි.. පුංචි මන්ත්‍රීන් අලූත් පක්ෂයට එක්වීම ඇරඹේ…
November 22, 2016 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිල සාමාජිකත්වය ගැනීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ද පළාත් පාලන සංසදයේ කැදවුම්කරු බොරලස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපති අරුන ප්‍රියශාන්ත අද මේ බව කියා සිටියේය.