ශ‍්‍රීලනිප පිං ඇමතිවරු පලයවු.. ගියේ නැත්නම් එලවනවා..- එජාපය කියයි

April 6, 2018 at 6:26 am | lanka C news
ශ‍්‍රීලනිප පිං ඇමතිවරු පලයවු.. ගියේ නැත්නම් එලවනවා..- එජාපය කියයි

අගමැතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී රජයට විරුද්ධව ඡන්දය භාවිතා කරන ලද පිං ඇමතිවරුන් ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන ඉවත් වුනේ නැතිනම් එලවීමට සිදුවන  බව  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ, ලෝ ලේවල් මාර්ගයේ අඹතලේ සිට ඔරුගොඩවත්ත දක්වා වූ කොටස සංවර්ධනයේ දී ඉඩම් අහිමි වූ තවත් 106 දෙනෙකු අතර රුපියල් මිලියන 300 ක වන්දි මුදලක් බෙදා දීමේ උත්සවයකට කොළොන්නාවේ දී එක්වෙමින්ය.

අපි අග්‍රාමාත්‍යතුමාට සහ මේ රජයට විරුද්ධව තිබිච්ච විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කරා වැඩි ඡන්ද 46කින්. උදය ගම්මන්පිල සහ  විමල් වීරවංශලා වගේ මහත්තුරු කිව්වා උදේ ඉර පායන්නේ අලුත් ආණ්ඩුවක් අලුත් අගමැතිවරයෙක් යටතේ කියලා. උදේ ඉර පෑව්වා, ඒත් ඒ අගමැතිමයි ඒ ආණ්ඩුව යටතේමයි කියන එක ඒගොල්ලොන්ට දැන් මතක් කරන්න ඕන. ඒ එක්කම මේ ජයග්‍රහණයේ අනවශ්‍ය උද්දාමයට පත්වෙලා ජනතාවට හිරිහැර කරලා බලය අරගෙන උන්මත්තකයෝ වගේ හැසිරෙන්න UNP කාරයොන්ට කිසිම අයිතියක් නැහැ. බලයක් ලබාගත්තාම අපි ජනතාව එක්ක ඉන්න ඕනේ. ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී ඉඳලා ඒවා යථාර්තයක් බවට පත් කරන්න අවශ්‍යයි. අන්න ඒ නිසා මේ අවුරුදු තුනේ නොකෙරිච්ච වැඩ කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි ඉටු කළ යුතුයි.  ඒ නිසා අගමැතිතුමාට මේ වගකීම් වලින්  පැනලා යන්න බෑ කියන එක එතුමාට අපි මතක් කරන්න ඕන.

ඒ වගේම කකුල් දෙක දෙපැත්තෙන් ඉන්න අයට විරුද්ධව අගමැතිතුමා නිසි තීන්දු තීරණ ගන්න ඕන. විශ්වාස භංගයේ දී රජයට විරුද්ධව නියෝජ්‍ය කතානායකවරයාත් ඡන්දය දුන්නා. නියෝජ්‍ය කතානායක කියන්නේ අපක්ෂපාතී තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් ගෞරවාන්විත විදිහට දේශපාලනයෙන් තොරව හැසිරෙන්න ඕනේ. රජයට විරුද්ධව ඇමතිවරු 15 ක් ඡන්දය දුන්නා.  ඒ අයට රජයට විරුද්ධව ඡන්දේ දීලා ඇමතිකමේ ඉන්න කිසිදු සදාචාරාත්මක  අයිතියක් නෑ. ඒ නිසා ඒ පහළොස් දෙනා ගෞරවාන්විත විදිහට තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන අයින් වුනේ නැත්නම් ඔය ලැබිච්ච පිං ඇමතිකමින් අපි එලවනවා. අපි අතිගරු ජනාධිපතිතුමාට විරුද්ධත් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධත් නෑ, අපි තනි ආණ්ඩු හදන්නෙත් නෑ, ඒ විරුද්ධ නොවිච්ච යහපාලනයේ වගකීම ආරක්ෂා කරපු අමාත්‍යවරු එක්ක එකතුවෙලා රට වෙනුවෙන් ජනවාරි  08 වෙනිදා වරම ආරක්ෂා කරන්න කටයුතු කරනවා යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

103 views

16 Comments to “ශ‍්‍රීලනිප පිං ඇමතිවරු පලයවු.. ගියේ නැත්නම් එලවනවා..- එජාපය කියයි”

  1. lion says:

    කලු සුද්දන් කල වැරදි

    1951 දී කළු සුද්දන්ගේ කොඩි කමිටුව මගින් මෙරට අනාදිමත් කාලයක් සිට භාවිතා වූ සිංහළයාගේ අනන්‍යතාව දැක්වෙන සිංහළේ ධජයට පටි දෙකක් ගසා දෙමළ මුස්ලිම් අයද ඊට ඇතුල් කොට ජාතියේ අනන්‍යතාව පිළිබිඹු කරන සිංහ ධජය විකෘති කරන ලදී

  2. M de silva says:

    Don’t talk SHIT. Wait and see at the election who are the traitors. Don’t ever think that Parliament members are the general public. MP are especially 122 who are with Ranil hora are the traitors who don’t care about the country. Selfish buggers.

  3. විශ්ලේෂකයා says:

    ඔය ටික පන්නලා දාලා විපක්ෂයට යවලා සම්බන්ධන්ගේ විපක්ෂ නායකකම අගමැති ගලවයි කියලා හිතනවද..? නිකං පිස්සු කියවන්නේ නැතුව ඉන්න අනේ..

Main News