ශ‍්‍රීලනිප-පොහොට්ටුව වෙන් වෙයි.. මැතිවරණයට වෙනම තරග කරයි..

March 10, 2019 at 12:03 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටුව වෙන් වෙයි.. මැතිවරණයට වෙනම තරග කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි මහ මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කල යුතු බවට එම පක්‍ෂ තුල සාකච්චා වී ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට ජුනි මස මුල් සතිය වන විට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයිද දෙපිරිසේම අදහස වී ඇති අතර ඉක්මන් මහ මැතිවරණයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ  මන්ත‍්‍රීවරුන් අතරද සූදානමක් සිදුවෙමින් ඇත.

මේ තත්වය මත ඉදිරි 14 වැනිදා ශ‍්‍රීලනිප හා ශ‍්‍රීලපොපෙ නියෝජිතයන් අතර සාකච්චාවක් සිදු කිරීමට නියමිත අතර මහ මැතිවරණය වෙන්ව තරග කර ඉන් පසුව එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කරනු ඇතැයිද වාර්තා වෙයි.

29 views
Main News