ශ‍්‍රීලනිප-පොහොට්ටු මහ වලියක්.. කුණුහරුපෙන් බැණ ගනිමින් ගුටි ඇණ ගනිති.. නාමල්ගේ පාටියට ගිය හතක් අත්අඩංගුවේ..

September 16, 2019 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු මහ වලියක්.. කුණුහරුපෙන් බැණ ගනිමින් ගුටි ඇණ ගනිති.. නාමල්ගේ පාටියට ගිය හතක් අත්අඩංගුවේ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සභාපති වරයෙකු ඇතුළු හත්දෙනෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකි.

සභාපතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේ සාදයක් සඳහා ගොස් එමින් සිටියදී රත්නපුර නගරයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැන හූ කීවේ යැයි කළ පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුර නගරයට පැමිණීමට පෙරාතුව නගරයේ සැරසිලි කරමින් සිටි අවස්ථාවේ මෙම පිරිසට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි ඔවුන් පැමිණිලි කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් විසින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට පහර දීමක් ද සිදු කර ඇත.

පසුව පොලිසියේ දී දෙපිරිසම සමාදාන වී වීමත් සමග අත්අඩංගුවට ගත් පිරිස මුදා හැර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

91,421 Viewers

9 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු මහ වලියක්.. කුණුහරුපෙන් බැණ ගනිමින් ගුටි ඇණ ගනිති.. නාමල්ගේ පාටියට ගිය හතක් අත්අඩංගුවේ..”

  1. Vesamuni says:

    ena satiye thiyanawa kiyana sakaccha cancel karala slfp gilena bottuwe inne unta kaemathinam pohottuwata ekwanne naeththam onadihaka palyaw kiyana ekene thiyenne. slfp thani wunath unp eka ho jvp eke samaga ekwunath ekama pratipalaya. eyin slfp thawath walapallata waetenawa; ekwana paksayath a dihawatama aedei.

    • john the baptice says:

      ඇ බොලේ මංගල උත්සවය මත්පැන් වලින් තොරයි කියල අඩ බෙර ගැහුව නේද? පිටිපස්සෙ දොරෙන් බයියන්ට බොන්න දීලනෙ.

      • හැකහැක says:

        ඉතිං උඹටත් තිබුනෙ ගිහින්ල ෂොට් එකක් දාගන්ඩනෙ.
        නිකං දෙනවනම් තොපි එපා කියයි නේද?

  2. ක්‍රිමිනල් says:

    බයියොනේ බන් !

  3. සිංහල බන්ඩා says:

    මෙතන තියෙන්නෙ පො⁣පෙ සහ ශ්‍රිලනිප සාමාජිකයන් අතර ගැටුමක් නෙවෙය් තනතුරැ බදාගන්න දඟලන උන් අතර තරඟයක ගැටුමක්. අද එජාප විරෝධී සාමාන්‍ය මිනිස්සු ගෝඨාට චන්දෙ දෙන්න බලන් ඉන්නවා.

  4. evangalene says:

    third class byaass

  5. Buruputha says:

    ආන්ඩුව හරිම ලස්සනට ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කිරීම ගැන හරිම සතුටුයි. හු කියා බැන ගත් අය රිමාන්ඩ්.බෝම්බ පුපුරුවා හැරි අය,අපේ ගෑනු වද කරපු අය නිදඇල්ලේ.

  6. Andrew says:

    pohittu kiyanne kisima seelachara kamak nathi patta sakkili. unge maha awun vagema thama unge indul kana bath balayo. kala kanni nugath haththa

    • නිමල් says:

      උඹේ යු න් පි එවුන් නම් පට්ට තමා. අනේ පල මෝඩ යෝ , මේක තමා දැන් ලන්කාවට වෙලා තියෙන්නෙ . මේ දෙට රටේ හැම දේශපාලුවෙක්ම වග කියන්න ඕනෙ. තොගේ රනිලා පවා.

Main News