ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා බොරුවක්.. ශ‍්‍රීලනිප-එජාප පුළුල් සන්ධානය සූදානම්..

March 17, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා බොරුවක්.. ශ‍්‍රීලනිප-එජාප පුළුල් සන්ධානය සූදානම්..

ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ එකට එක්වීමට පවත්වන සාකච්ඡා සාර්ථක නොවන බවත්, ශ්‍රිලනිපය බලා සිටින්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් යූන්පී පුළුල් සංධානයට එකතු වීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ , කොළොන්නාව ආසනයේ සංවර්ධනය කරන ලද තවත් අතුරු මාර්ග 03 ක් ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයකට එක්වෙමින්ය.

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවක් එක්වීම කියන්නේ නොකෙරෙන දීගයක්. ඒක කසාද බදිනවා වෙන් වෙනවා, නැවත කසාද බදිනවා වගේ වැඩක්. ඒක වෙන්නේ නැති දෙයක්.මොකද හේතුව පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා කරන්න තීරණය කරානම්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ පැත්තට එකතු වෙලා වැඩක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ඉන්න කණ්ඩායමට පොහොට්ටුවත් එක්ක ගිහින් ඊළග පාර පාර්ලිමේන්තු යන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මේ අය ඉන්න අපේ යූන්පී පුළුල් සංධානය හැදෙනකම් අවසාන මොහොතේදී.ඒක හැදුනාට පස්සේ ගෝඨාභය රාපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි ඕනම කෙනෙක් එක්ක දිනන්න පුළුවන් අපේක්ෂකයාව දාලා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා.

අනෙක පොහොට්ටුව අවශ්‍ය පරිදි ජුනි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්නත් ,ඒවාට අත උස්සන්නවත් අපි පසුපෙළ මන්ත්‍රීවරු  හැටියට සූදානම් නෑ . ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න අපි කිසිසේත්ම එකග නෑ.

මොකද හේතුව ජනාධිපතිවරණයේදී තමයි එක්සත් ජාතික පක්ෂ කදවුර එකම කදවුරක් ලෙස සමගි සම්පන්නව එකතු වෙන්නේ. ඒනිසා ඒ මැතිවරණය අපි ජයග්‍රහණය කරලා එසැනින් ඒ රැල්ල පිටින් යන මහ මැතිවරණයකට ගිහින් තනි යූන්පී ආණ්ඩුවක්  හැදීම තමයි අපේ බලාපොරොත්තුව’

– මිනුර රශාන්ත

33,554 Viewers

9 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා බොරුවක්.. ශ‍්‍රීලනිප-එජාප පුළුල් සන්ධානය සූදානම්..”

  1. Sepala says:

    විමල් සහ ගම්ම්න්පිල මේවා තේරුම් නොගන්නේ ජනාධිපති නීතිඥ වරුන්ගේ පදයට නටන නිසාද?

    • Nagasinha says:

      රට විකුණන් කන උබලා උබලට ඕනේ මගුලක් කරගනිල්ලා.
      මිනිස්සු පොහොට්ටු අපේක්ෂකයාව දිනවනවා නියතයි.

  2. On looker says:

    Really? So far the people had only a suspicion that you all and the S.L..F.P leaders have a underhand dealings to defeat the patriotic peoples’ hopes. Good that you have confirmed it and exposed it to the people.

  3. siri says:

    ANE KONAKAPALA UNNAHE BORU KIYANNA EPA BAN.

  4. බන්ඩා says:

    අලිකොටිහම්බ අපේක්ෂක රනිල් පලාත්පාලන චන්දයෙදී එජාප ලබාගත් 32% සහ සිරිසේනගේ 14%න් 1/4ක් පමන සහ අර 32%ට අයත් නැති දෙමළ/මුස්ලිම් චන්ද 9/10ක් ලබා ගෙන 45%-46%ක් ලබාගනීවි. එච්චර තමය්.

    • ගන්ජ බන්ඩා says:

      එජාපයට එල්ලෙන්න කොටි සහ හම්බ වැල මදිවෙලා ආයිත් සිරිසේනගෙ ඇඟේ එල්ලෙන්න හැදුවට සිරිසේනගෙ ශ්‍රිලනිප ගත්ත 14%න. කිසිවෙක් පරගැති රනිල්ට ⁣චන්දෙ දෙන්නෙ නැහැ.

    • Whether you all come alone with your allies (Muslim congress ,T.N.A ,Udarata peramuna ) with the S.L.F.P support or without S.L.F.P. support, it is immaterial to the Pohottuwa patriots and the patriotic swing voters. The peoples have s very serious charge sheet against you all,starting from Great central Bank robbery , cutting the pensions of the new younger generations, ( while you enjoy it ,even for 6 years),Selling Nation’s resources to the foreign powers, depriving the peoples’ fundamental rights of electing their representatives for provincial councils , taking harmful steps ,which threaten the National defense , National interests and Sovereignity of the Motherland and also trying to harass our valiant ,heroic forces at Geneva (at the U.N.),by joining hands with our past enemies colonial masters ( recall how they have treated us in 1818 and 1848),Tamil diaspora ,T.N.A., N.G.O.s ,seeking minority votes,and the high cost of living which is unbearable to the poor people etc.

  5. අංකූරා says:

    මේ යකාගෙ කතාවේ ලොකු ගතයුත්තක් තියෙනවා !, ඒ කතාවට ලොකු බරක් ලැබෙන්නේ මයිත්‍රීපාල මහත්තයා පිටුපසින් ඉන්න උන් හින්දා !. උන්ට රටට මොනවා උනත් වැඩක් නෑ , පාර්ලිමේන්තු යන්නයි ඕනෑ , බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනෑ වෙලාවක් මේක !!.

  6. නිළමේ says:

    අනේ තුන්කාල්, උඹ සම්පූර්ණයෙන්මහරි කපාගෙන සමනලුන්ට අල්ලපන්, පොහොට්ටුවෙයි අතෙයි දේවල් හොයනඑක නවත්තපං, පණ්ඩි.

Main News