ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා ගැටළු ගොඩක්.. ශ‍්‍රීලනිපය බොරු කරන බවක් පේනවා.. පුද්ගලික උවමනාවලට කඩිමුඩියේ සන්දාන හදන්න බෑ..- පොහොට්ටුව කියයි..

April 11, 2019 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා ගැටළු ගොඩක්.. ශ‍්‍රීලනිපය බොරු කරන බවක් පේනවා.. පුද්ගලික උවමනාවලට කඩිමුඩියේ සන්දාන හදන්න බෑ..- පොහොට්ටුව කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීමට සිදුවන සාකච්ඡා වල කිසියම් සුබවාදී තත්ත්වයක් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශ නිසා ප්‍රශ්න ගණනාවක් ඇති වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා කර ඇති ප්‍රකාශය මෙන්ම අයවැය ඡන්දය වර්ජනය කිරීමට ඔවුන් ගත් තීන්දුව සම්බන්ධයෙන් ඊයේ දින පැවති සාකච්ඡාවලදී විරෝධය පළ කළ බවද මහාචාර්ය වරයා සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් පෙරමුණක් හදන්නේ නම් ඒ විරෝධය අව්‍යාජ බව රටට පැහැදිලිව පෙන්නුම් කළ යුතු යැයිද කී මහාචාර්යවරයා පසුගිය සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි කරුණු ගැන ශ්‍රීලනිප පාර්ශවයෙන් පිළිතුරු නො ලද බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් මේ වන තුරුත් අවසන් එකඟතාවකට පැමිණ නැතැයි කී ඔහු පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලහි ලහියේ හදන දේශපාලන සන්ධානවල කල් පැවැත්මක් නැති බව ද කියා සිටියේය.

14,735 Viewers

4 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා ගැටළු ගොඩක්.. ශ‍්‍රීලනිපය බොරු කරන බවක් පේනවා.. පුද්ගලික උවමනාවලට කඩිමුඩියේ සන්දාන හදන්න බෑ..- පොහොට්ටුව කියයි..”

  1. chandapala says:

    යුඑන්පියට හිත යටින් ලව් කරන ශ්‍රීලනිපය ලෙඩක්ම තමයි. කරන දෙයක් පරිස්සමින් .

  2. Upul Attanayake says:

    Mahinda mahathmata Rate thani pakshayakin balayata Enna pluwan.
    me vinasakarayo nisa Mahinda mahatha pnapitin Mun walalanava aye dekak nehe.

    mona Keselgediyakata mun ekka sakacha karanavada.

    ratata ona nayakaya mahindanam welgama mulinma Elawanna.
    Gota Janadipathi karaganna.
    Mahinda Mahathayata puluwan me rata goda ganna.
    I

  3. On looker says:

    “Re vetunu wale ,aaith dawaluth vettenadha yanne? Be careful from people ,who try to play double games ,to the U.N.P.’s advantage.

  4. Karu says:

    උන්ගෙන් තඹ සතේක වැඩක් නෑ. ඌ.එන්. පියට මුක්කු ගහනවා ඉස්සරහටත්.
    කොයිවා කොහොම වෙතත් ගෝටා වෙනුවට විකල්පයකුත් සුදානම් කරගෙන ඉන්න එක හොඳයි.ෂුවර් තක්කඩි ටික ගෝටාට ඔළුව උස්සන්න බැරි වෙන්න ලෙඩක් දානවා.

Leave a Comment

Main News