ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ..

September 4, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණයක් ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ ඩිලාන් පෙරේරා සහ එස්බී දිසානායකට එරෙහිව හදිසි විනය පරීක්ෂණ කුමන්ත්‍රණයක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගැනවත් පරීක්ෂණයක් නොකර හදිසියේම එස්බී සහ ඩිලාන් ගැන පරීක්ෂණ කිරීමේ පරීක්ෂණ කිරීමට යාමෙන් මේ සැකය උත්සන්න වන බවද ඔහු කියා සිටියේය.

මහාචාර්යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

177 views

4 Comments to “ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ..”

  1. බන්ඩා says:

    අපේ ගම් වල පොහොට්ටුවට සහ ශ්‍රිලනිපට චන්දෙ දෙන අය සහ සාමාන්‍ය සමාජිකයන් අතර දැක්ම සහ ප්‍රතිපත්තිමය ප්‍රශ්ණ නැහැ. ජනාධිපති අපෙක්ෂකයා ගැන ප්‍රශ්ණයකුත් නැහැ. ජීඑල්ලට සහ දයාසිරිලට ඔය තියෙන්නෙ ඉදිරි ආණ්ඩුවක තනතුරැ බදා ගන්න සටනක් පමනය්.

  2. බන්ඩා says:

    අපේ ගම් වල පොහොට්ටුවට සහ ශ්‍රිලනිපට චන්දෙ දෙන අය සහ සාමාන්‍ය සමාජිකයන් අතර දැක්ම සහ ප්‍රතිපත්තිමය ප්‍රශ්ණ නැහැ. ජනාධිපති අපෙක්ෂකයා ගැන ප්‍රශ්ණයකුත් නැහැ. ජීඑල්ලට සහ දයාසිරිලට ඔය තියෙන්නෙ ඉදිරි ආණ්ඩුවක තනතුරැ බදා ගන්න සටනක් පමනය්. රට ජාතිය වෙනුවෙන් ⁣ගෝටා සහ මහින්ද මේ ප්‍රශ්ණය විසඳිය යුතුමය්

    • MD says:

      හරියටම හරි.හැබැයි හැම තැනම ඉන්නෙ පොහොටිටු අය කියලා කට්ටියක් විතරයි.

  3. Saradiel says:

    අවසානයේ ගොටබයතුමා 2020 ජනාදිපති ඇවරයි දැවරයි තුන් ඇවරයි

Main News