ශ්‍රීලනිප ප්‍රබලම ඇමති 05ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන ලියුම ජනපතිට ලියයි..
July 23, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ප්‍රබල කැබිනට් ඇමතිවරු පස් දෙනෙක් හා නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු මේ සති අන්තයේ ගම්පහ ප්‍රදේශයේදී හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්චා පවත්වා තිබේ.
එම කැබිනට් ඇමතිවරුන් තිදෙනා ඇමති ධුරයන්ගෙන් ඉවත් වීම ගැන ගිය අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දිනයන්හිදීද දීර්ඝ ලෙස සාකච්චා කර තිබින.
සැප්තැම්බර් 02ට පෙර ආණ්ඩුවෙන් ඉවත් වීමටත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන හේතුව දීර්ඝ ලෙස පැහැදිලි කරමින් ජනාධිපතිවරයාට ලිපියක් සකස් කිරීමටත් තීරණය වී ඇති අතර ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර ජනාධිපතිවරයා හමුවී සාකච්චාවක් කිරීමද තීරණය කර ඇත.