ශ‍්‍රීලනිප ප‍්‍රබලයාගේ නිවසින් ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගනී…

October 18, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ප‍්‍රබලයාගේ නිවසින් ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගනී…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ඉමිටියාස් කාදර් මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ලේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ඇතුළු තවත් ගිනි ආවි කිහිපයක් සමගිනි.

ඔහුගේ නිවසේ අල්මාරියක් ඇඳක් යට සඟවා තිබියදී මෙම අවි හා පතරොම් තොගය සොයාගෙන ඇත.

අත්ඩංගුවට ගෙන ඇති ප‍්‍රභූ ගිනි අවිය ප්‍රභූ ආරක්ෂක කමාන්ඩෝ හා එස්ටීඑෆ් භටයන්ටද තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවටද තොරතුරු වාර්තා වෙයි.

ගිනි අවි වලට අමතරව උන්ඩ සියයකට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

28 views
Main News