ශ‍්‍රීලනිප බලය අල්ලන්න ආ චන්ද‍්‍රිකා ශ‍්‍රිලනිපයෙන් පන්නා දමයි.. පක්‍ෂ සාමාජිකත්වය තහනම් කෙරේ..

November 20, 2019 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප බලය අල්ලන්න ආ චන්ද‍්‍රිකා ශ‍්‍රිලනිපයෙන් පන්නා දමයි.. පක්‍ෂ සාමාජිකත්වය තහනම් කෙරේ..

ජනාධිපතිවරණයේදී පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

මෙම තීරණයට අනුව ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය නොදුන් කුමාර වෙල්ගම, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා සිටින එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ටද මෙම විනය ක්‍රියාමාර්ග අදාළ වන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයන්ට සහය දුන් ප්‍රාදේශීය සභා සහ හිටපු පළාත් සභා සභිකයන් සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

– aruna

63,560 Viewers

8 Comments to “ශ‍්‍රීලනිප බලය අල්ලන්න ආ චන්ද‍්‍රිකා ශ‍්‍රිලනිපයෙන් පන්නා දමයි.. පක්‍ෂ සාමාජිකත්වය තහනම් කෙරේ..”

  1. ජනහිත says:

    ශ්‍රී.ල.නි.ප ය වර්තමනයේ ශ්‍රීලන්කාවේ දේශපලනයේ අවලන්ගු කාසියකි.ඔවුන් ගන්නා තීන්දු තීරන සමස්ත දෙශපාලන ප්‍රවාහයට කිසිදු බලපැමක් නැත.ඒනිසා ඔබගේ ලකුන වන අතෙන් අතේ ගසා පැත්තකට වී සිටීම යහපති

    • බන්ඩා says:

      ශ්‍රී.ල.නි.ප ය වර්තමනයේ ශ්‍රීලන්කාවේ දේශපලනයේ අවලන්ගු කාසියක් බවට පත් කල ආප්ප කාල පරයින්ට එකතු වෙලා රට කෑ සිිරිසේනත් පන්නා දැමිය යුතුය්.

  2. David Milli-banda says:

    Koheda yanne achchiyeee…. poddak innako…………………….
    Awalangu welada or tuned into a dud coin ?????????????

  3. Buddhist says:

    Back bone less President of SLFP Maithrepala and Secretary Dayasiri – you both do not have the guts to say Mahinda the President of SLPP is not a member of SLFP but can hit a women Chandrika who is a retired person who tried to save SLFP. You both have ruined SLFP. Shame on you Dayasiri- Maithripala.

  4. Sarath Withanarachchi Samaranayake says:

    Now i suggest she should go to a hermitage and start meditation to purify her soul. Othereise, none can stop her falling into hell after her death.

  5. pure sinhalese says:

    Aggea vairaya Chandrika

Main News