ශ‍්‍රීලනිප මත ගැටුම් උග‍්‍ර වේ.. පොහොට්ටුවට සහාය දක්වන ප‍්‍රකාශය කරන්න කැදවූ මාධ්‍ය හමුව අවලංගු කෙරේ..

October 6, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප මත ගැටුම් උග‍්‍ර වේ.. පොහොට්ටුවට සහාය දක්වන ප‍්‍රකාශය කරන්න කැදවූ මාධ්‍ය හමුව අවලංගු කෙරේ..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගන්නා ස්ථාවරය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුව අවලංගු කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවූ මතභේදාත්මක තත්වය මත මෙම තීන්දුව ගෙන ඇති බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊයේ රාත‍්‍රියේ රැුස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගැනීමට අනුමැතිය දීමටයි.

ඊට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකඟතාවයට පැමිණ තිබුණේ මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටුවට සහයෝගය දීමටත් ඉදිරි මහ මැතිවරණයක දී වෙනත් පොදු ලකුණක් යටතේ තරඟ වැදීමටත්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය නාමයෝජනා සදහා ඇප තැන්පත් කිරීම අද දහවල් 12ට අවසන් වේ.

75 views

15 Comments to “ශ‍්‍රීලනිප මත ගැටුම් උග‍්‍ර වේ.. පොහොට්ටුවට සහාය දක්වන ප‍්‍රකාශය කරන්න කැදවූ මාධ්‍ය හමුව අවලංගු කෙරේ..”

  1. toka says:

    හිස්බුල්ලා නම යෝජනා භාර දුන්නේ කගේ චන්ද කඩන්නද? මහා මැතිවරණයේදී බදුයිදීනුත් පොහොට්ටුවට පනිනු ඇත. සත්‍ය එළිවෙනකොට ප්‍රමාද වැඩියි. පොහොට්ටුවට චන්දය දුන් සිංහලයින්ට කලිසම නැතුව පාරේ යාමට හැකිවෙයි.

Main News