ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ ඇමති SBට බලු බැණුම් බැණ වදිති.. සද්ද වහගෙන කුජීත වෙයි..

August 11, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ ඇමති SBට බලු බැණුම් බැණ වදිති.. සද්ද වහගෙන කුජීත වෙයි..

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දිලිදුකම තුරන් කිරීමේ වැඩසටහන් අනුව රටේ දුප්පත්කම අඩු වී ඇති බව ලෝකයට පෙන්වීමට අමාත්‍ය එස්.බි. දිසානායක විසින් ගෙනෙන ලද ඇමරිකානු සිස්ටම් එකක් අනුව කල සමීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ දි 80% සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධි සහනාධාර කපා හැරිමටත් ඉතිරි 20% ලබන වසරේ කපා හැරිමටත් තීරණය කිරීම නිසා අද පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ දී අමාත්‍යවරයාගේ එම තීරණය දැඩි දෝෂාරෝපණය ලක් විය.

මුලින්ම සමෘද්ධි සහනාධාර කපා හැරිම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේ වැඩිදෙනා විරුද්ධව අදහස් ප්‍රකාශ කල අතර ඒ අවස්ථාවේ අමාත්‍ය එස්.බි දිසානායක නොසිටි බැවින් වහාම ඔහුව කැදවීමට ජනාධිපතිවරයා තීරණය කල අතර ඔහු පැමිණ සමෘද්ධි සහනාධාර කපා හැරිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සමෘද්ධිලාභීන් සම්බන්ධ සමීක්ෂණයක් නිසි පරිදි අනූ ගණන්වල සිට කර නැති නිසා ඇමරිකානු ක්‍රමයකට අලුත් සමීක්ෂණයක් සිදු කොට මෙම තීරණයට තමා අමාත්‍යවරයා ලෙස ගත් බවයි.

එහිදි මධ්‍යම කාරක සභාවේ අති බහුතරය අමාත්‍යවරයාගේ එම පැහැදිලි කිරීම විවේචනය කරමින් යූඑන්පි කාරයන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට සූදානම් නොවන ලෙස චෝදනා කලේය.

අවසානයේ නැවත පෙර තිබු පරිදිම සමෘද්ධි සහනාධාර කපා හැරිමකින් තොරව ලබාදීමට එහිදි තීරණය විය.

53 views

3 Comments to “ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ ඇමති SBට බලු බැණුම් බැණ වදිති.. සද්ද වහගෙන කුජීත වෙයි..”

  1. shantha kuru says:

    mu loka horek

  2. Sirisena Yatawara says:

    SB was poor lumpen ,when he join Communist Party of Cotta road. He turn to SLFP under CBK he gradually become well do man. The during CBK corrupted regime he has build Place in Hagramekta.
    Back to mother part of UNP SB has gone upper ladder being one of richest man on Kandy Province.
    People become poor SB become rich?

    • nomatata says:

      Gono, Umba kiyana eka hari unata danna sinhalen liyapan, nodanna ingirisiyen hari demalen hari liyanne nethiwa.