ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු හා සංවිධායකවරු 50ක් සජිත්ට එක්වෙයි..

October 16, 2019 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු හා සංවිධායකවරු 50ක් සජිත්ට එක්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට (15දා) ඉදිරිපත් වූහ.

කොළඹ නව නගර ශාලාවේ අද දහවල් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුහු සිය තීරණය දැනුම් දුන්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක බන්දුල සපරමාදු, මාවනැල්ල සංවිධායක අබ්දුල් ලතීෆ්, මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු, අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු, මඩකලපුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රවි කරුණානායක, රවින්ද්‍ර සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා දේශපාලන පක්‍ෂ කිහිපයක්ද (15දා) එක්විය.

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි එම පක්‍ෂවල නායකයෝ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට කැපවෙන බවට ප්‍රතිඥාවක් ලබාදුන්හ.

ලංකා ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රස් පක්‍ෂය, ජාතික ජනතා පෙරමුණ, ජාතික කඳුරට පෙරමුණ, අපේ පරපුර පක්‍ෂය, අපේ ජනතා පක්‍ෂය යන දේශපාලන පක්‍ෂ මෙලෙස එක්විය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුත්තලම ආසන සංවිධායක, පොල් සංවර්ධන හා වතු සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම යන මහත්වරුද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා පැමිණ සිටියහ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණය මෙහෙයුම් ප්‍රධානී එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එහිදී සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සංවිධායකයන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ, සංවිධාන ගණනාවක් එක්ව සිටින බවයි.

එවැනි කණ්ඩායම් සමග දිනපතා සාකච්ඡා පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දේශපාලන පක්‍ෂ 08ක් එක්වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ඊරෝස් සංවිධානය ඇතුළු නැගෙනහිර පළාතේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයක් පිරිසක් සහාය පළ කිරීමට එක්වූ බවද අත්තනායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ප්‍රචාරක රැලි ප්‍රමාණයක් පැවැත්වූ දේශපාලන ව්‍යාපාරය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

– ada

50,536 Viewers

14 Comments to “ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු හා සංවිධායකවරු 50ක් සජිත්ට එක්වෙයි..”

  1. Manel says:

    Wish you good luck guys. Unfortunately your dreams won’t come true. That is a fact. We know that SLPP rejected you all. You all are committing suicide rather than waiting for a natural death.

    • විජේදාස says:

      කුණු අයින් වෙන එක හොඳයී. මිනිස්සු මුන් මොක්කුද කියල දන්නෙත් නැහැ. ඒක නිසා මුන් ගියා කියලා මුන්ගේ පෞද්ගලික චන්ද ඇරෙන්න වෙන චන්ද අඩු වෙන්නේ නැහැ. පැහැදිලිවම මුන් සිහින ලෝක වල ජීවත් වෙන ගොන්නු එහෙම නැත්තන් සල්ලි වලට විකුනුන උන්. ජනතාවට ඒ වගේ උන් එපා වෙලා දැන් ගොඩක් කල්.

    • Me3 says:

      @Manel:
      Well said

    • vishnu says:

      absolutely correct

  2. Laksman says:

    Only those stupid people’s vote will be wasted for nothing. They don’t have any followers or supporters. Just rejected losers from last Election.

  3. charles says:

    The voters a with the party not the individuals. Specially voters support the closest party to their own party. UNP is enemy of SLFP. Pohotuwa has similar policies SLFP.

  4. Janaka from Mathara says:

    හූ!!! ඔය ඔක්කොම ත්‍රීවීල් පක්ෂ. උන් එකෙකුටවත්
    ඡන්ද දහයක්වත් සජියාට එකතු කරන්ඩ බෑ!

  5. PULATHISI says:

    . තවමත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් මෙහෙයවීමට චෞර රැජිනිය සහ කණ්ඩායම වියදම් කරන දේශීය සහ විදේශ මුදල් අවසානයේ අපතේ යන බව නම් සක්සුදක් සේ පැහදිලිය. ඒ සියල්ලටම අනිච්චාවත සංඛාරා කියමු.

  6. JR says:

    කුණු කූඩයට එකතු වෙන අපද්‍රව්‍ය.

  7. බන්ඩා says:

    ඔය එජාපයට යන ශ්‍රිලනිප මැම්බර්ලා ආසනේ පැරදිලා පිනට මැම්බර්ලා උන අය නේද?

  8. Saman says:

    පැරදුනු එවුන්..සහරාන් උන් එක්ක යාලුයි ලු

  9. Keerthi says:

    You enjoy the money you got from the UNP and be in the political wilderness for ever.

  10. David Milli-banda says:

    Salli… salli…… Deviyange malli……………….OK sahodaraya, salli aran anith paththata chande damu.

  11. සරා says:

    මෙතන ඉන්න වික්ටර් ඇන්ටනි කියන එකා 2015 මහින්ද විව‌ෙිචනය කල නිසා පාර්ලිමෙින්තු යන්න බැරිවුනා.‌ෙකොහොමත් ඌට ශ්‍රිලංකා එකෙන් ‌ෙමෙිපාරත් පාර්ලිමේන්තු යන්න බැහැ.නියෝමාල්ටත් ඒසෙතේමයි උනේ.ඉතින් උන්ට යන්න ‌ෙවෙන තැනක් නැහැ.යුඑන්පි එකට ‌ෙහො ජවෙිපේ එකට තමයි යන්න තියෙන්නේ.පවු ‌ෙමෝඩ සජිත්.

Main News