ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 09 දෙනෙකු එජාපය සමගින් ජාතික ආණ්ඩුවට.. ඇමති ධුර දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

February 5, 2019 at 10:56 pm | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 09 දෙනෙකු එජාපය සමගින් ජාතික ආණ්ඩුවට.. ඇමති ධුර දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇති කරන ජාතික ආණ්ඩුව සමගින් එක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සාකච්චා ආරම්භ කර ඇත.

එම පිරිස ආසන්න දිනකදී එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයෙක් සමගින් සාකච්චා කර ඇතැයිද සදහන්ය.

09 දෙනෙකුගෙන් යුත් එම පිරිස මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමට සූදානම් වෙයි.

ජාතික ආණ්ඩුවට එක් වූ පසු ඇමති දුර ලබා දීම සදහා ජනාධිපතිවරයාගෙන් එම පිරිස ඉල්ලා සිටිනු ඇතැයිද වාර්තා වෙයි.

25 views
Main News