ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් රාත‍්‍රියේ ගෝටා හමුවේ..

October 3, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් රාත‍්‍රියේ ගෝටා හමුවේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

කොළඹදී මෙම සාකච්චා පැවැත්වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.

සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රී පිරිසක් ඒ සඳහා එක්වූහ.

මෙම සාකච්ඡාවල තවත් දිගුවක් අද දිනයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සදහා නව සන්ධානයක් පිහිටුවීම ගැන මෙහිදී සාකච්චා කිරීමට නියමිතය.

37 views

5 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් රාත‍්‍රියේ ගෝටා හමුවේ..”

  1. මුතුඇටය සැම ගොඩගන්න says:

    කාලය පැමින ඇත අනෙ සැම දැනගන්න
    පාට පක්‍ෂ ජාති ආගම් බේද නොසිතන්න
    සුදුස්සටම දීල මුතුඇටය සැම ගොඩගන්න
    පසු උරුමයත් මතු පරපුරම රකී දැනගන්න

  2. Rata Wenuwen says:

    රිලා සිරියෝ ලිහලා බලන්න පුලුවන් මල්ල ඇයි තවම ඔබලා බලන්නේ

  3. MD says:

    Pohottu samajikayan dan tiranayakata paminimata sudusu kalayai.kalaya nasti kirima kiriti namata hoda nata.yam yam kumantranakariyan wisin kaldameem karamin sitinawaneda?

  4. RilaSiri says:

    පොහොට්ටුව යනු ශ්‍රිලනිප පාක්ශිකයන් දැන් සිටින තැනයි.. පාක්ශිකයන් විසින් අතහැරදැමූ රිලාසිරි ඇතුලු පාවදෙන්නන් පොහොට්ටුවට රිංගන්නෙ අනාගත ආණ්ඩුවක තනතුරු ලබන්නයි

    • Ex SLFP says:

      ශ්‍රීලනිපය පාවා දුන්, ශ්‍රීලනිපයේ මරණය මතින් තාවකාලික ජය පැන් බිවු පක්ෂ ද්‍රෝහීන් පන්න පන්නා පළවා හරිමු. අවසාන මොහොතේ කූඩැල්ලන් මෙන් පොහොට්ටුවේ එල්ලී ලේ උරා බොන්නයි මුන්ට ඕනෑ..

Main News